පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවකට තුඩුදුන් ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කළා යැයි කියන තිළිණි ප්‍රියමාලිගේ සිදුවීමේදී කතාබහට ලක්වුණු අනෙක් චරිත අතර සේමිණී ඉද්දමල්ගොඩ ප්‍රධාන තැනක් ගන්නවා.
එම ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවෙන් අනතුරුව සේමිණී කලා පුවත්පතකට වර්තමාන කලාව ගැන සහ ඇගේ පෞද්ගලික තොරතුරු ගැන මෙසේ කියා තිබුනා.
“ඇත්තටම අද මේ ක්ෂේත්‍රය ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. අපි මේකට ආවේ ඒ අරමුණ ඇතිවම නොවේ. ඉස්සරත් නිර්මාණයක් කෙරුණේ ආර්ථික වාසියක් බලාගෙන තමයි. නමුත් ඔවුන් ඊට සාපේක්ෂව නිර්මාණයේ ගුණාත්මක භාවය ආරක්ෂා කළා. දැන් අද නිර්මාණයේ ගුණාත්මක භාවය ගැන හිතන්නෙම නෑ. නළු නිළියන්ගේ වෘත්තීය ගෞරවයක් නෑ. අපි නිකම් භාණ්ඩ බවට පත්වෙලා. සේමිණි 10,000යි ද? අපෝ වැඩියි. අර පන්දාහකට අරයා ඉන්නේ එයාව ගන්න වගේ තත්ත්වයකට මේක ගිහින් තියෙන්නේ.
එක හරිම අපරාධයක්. හැබැයි මේ විදියේ එක තැන පල් නොවී ඉන්න පුළුවන් පිරිසකුත් අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් මේක වෘත්තිය විදියට කරන අයට මේකෙන් ඉවතට පනින්න බෑ. පවුල රකින්න ඒ තුළ ඉන්න ඕන. නමුත් මම මේක වෘත්තියක් හැටියට කරන්නේ නෑ.
මම ව්‍යාපාරයක් කරනවා. මගේ සැමියා රැකියාවක් කරනවා. මට හොඳ පවුලක් තියෙනවා. ඒ නිසා මාව බලාගන්න කෙනෙක් ඉන්නවා. මේ කාලෙම මට මගේ කියලා සල්ලියක් නෑ. ධම්මික තමයි මාව බලාගන්නේ.
පෙර පුවත් – ප්‍රියමාලි මැඩම්ගේ කෙරුම් ගැන අහගන්න ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ CID වෙත කැඳවයි
පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට (31) රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා.
ඒ ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිදු කළ දැනුම්දීමකට අනුවයි. සේමිණී ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. ඇය ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ සිය ස්වාමි පුරුෂයා සමගයි.
ඔහු ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරනවා. විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල ඇතුළු නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. තිළිණි ප්‍රියමාලි සමග චිත්‍රපට නිළියගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද රහස් පොලිස් නිලධාරීන් සේමිණී ඉද්දමල්ගොඩගෙන් මෙහිදී විමසා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රශ්න කිරීමේදී ඇය තිළිණි සමග කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්‍ෂේප කර ඇති බවත් වාර්තා වනවා. තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 2දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.