අපෙ ආදර කතාවට දැන් අවුරුදු කීපයක් ගෙවිලා. සමහරක් විට එය ලඟදිම සිදුවේවි

යොවුන් රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් අතරින් බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු ඉතාමත් ඉක්මනින් ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න වාසනාව ලබපු ඇය නමින් ගීත්මා බණ්ඩාර.ගිත්මා කිවුවහම ගොඩක් දෙනෙක්ට ඇයව මතක් වෙන්නෙ සංගීතේ ටෙලි නාට්‍ය අසෙනි කියන චරිතය නිසයි.ඒ ටෙලි නාට්‍ය අසේනිට ආදරය කරන තරමටම ගොඩක් දෙනෙක් ගිත්මටත් ආදරේ කරනවා.

අපේ කලා ලෝකය තුළ අද ඉන්න ගොඩක් යොවුන් රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙක් ඇවිල්ලා තියෙන්නෙ අවුරුදු කුමරා අවුරුදු කුමාරි තරගය ජයග්‍රහණය කරලා.ඇත්තටම එවැනි අවස්ථාවක් ජීවිතේට වාසනාවක් කරගත්තු ගීත්මා ඒ ආ ගමන් මඟ පිළිබඳව අතීතය සිහිපත් කළේ මේ විදිහටයි.

“අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙද්දී ඊටත් පස්සේ අනාගතයක් ගැන මට ලොකු අදහසක් තිබ්බෙ නැහැ.ඒ වෙද්දි නිරූපණ ක්ෂේත්‍රයට කැමැත්තක් තිබ්බෙත් නැහැ.නිළියක් වෙන්න හීනෙකින්වත් හිතුවේ නැහැ.මම රඟපාන්න දැනගෙන හිටියෙත් නැහැ.මට ඕනෙ වුනේ අධ්‍යාපනය පැත්තෙන් ඉහලට යන්න.ඒත් අවුරුදු කුමාරි තරගය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරා’

ඔන්න ඔය විදියට තමයි ඇය රංගන ශිල්පිනියක් බවට පත්වුණේ.එදා ඉදන් අද දක්වා ම හොඳ කියපු මිනිස්සු වගේම ඇයට දොස් කියපු මිනිස්සුත් හිටියා.හොඳ වගේම නරකත් අරගෙන ක්ෂේත්රය තුළ ඉහළටම යන ඇය මේ වෙද්දි ආදරණීය පෙම්වතියක් වෙලා කියලත් ආරංචියි.

ඇත්තටම ඇය ආදරේ කරන්නෙ කරන්නේ ව්‍යාපාරික පෙම්වතෙක් ට.දෙන්න ක්ෂේත්‍ර දෙකක වුණත් ඔහුගෙන් ඇයට විශාල සහයෝගයක් ලැබෙනවා ලු රංගන කාර්යයන් සාර්ථකව කරන්න.ඇත්තටම මේ ආදරේ නිසා ගිත්මගේ පෞද්ගලික ජීවිතය තුළත් බොහෝ දේවල් වෙනස් වෙලා කියලා ඇය සඳහන් කළා.

“ඇත්තටම ආදරය හරිම සුන්දරයි.අපේ ආදර කතාවටත් දැන් වසර කීපයක් ගෙවිලා.මම මේ දවස් වල ඒ ආදරේ ආදරේ විඳිමින් ඉන්නවා.අපි දෙන්නා හම්බ වෙන්නේ මීට අවුරුදු දෙකකට කලින්.ඒක අහඹු සිදුවීමක්.ඊට පස්සේ අපි හොඳ යාළුවෝ වුණා.ආදර කතාවක් ආරම්භ වෙයි කියලා අපි හිතුවේ නැහැ.අපි දෙන්නා තේත්‍ර දෙකක ඒත් අපි අදහස් අදහස් වලින් එක තැනකට ආවා.ඔහු මට ලොකු සහයෝගයක් දෙනවා මේ ගමනට.මට හිතනවා ජීවිතයේ ට හරිම කෙනා ලැබුණා කියලා.ලඟදිම විවාහය සිද්ධ වේවි.”

ඔන්න ඔය විදියට තමයි ඇය සිරිකත පුවත්පත සමග එකතුවෙලා ඇයගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේවල් පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබුණේ.ඉතින් අපිත් මේ සුන්දර ආදරණීය රංගන ශිල්පිනියගේ ඉදිරි බලාපොරොත්තු දිනෙන් දිනම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *