සියල්ල අත්හැර මහණ වෙන්න සුදානම් වන ජනප්‍රිය නිවේදක නදීක

නදීක කරුණානායක කියන නම අපට නම් නුහුරු නුපුරුදු නමක් නොවෙයි. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවෙදකයෙකු ලෙසින් මිනිසුන්ගේ හදවත් දිනාගත් මේ ආදරණිය චරිතය නිහතමානී සුන්දර හදවතක් තියන කෙනෙක් විදියට හඳුන්වන්න පුලුවන්.

පසුගිය කාලයේ වැඩියෙන්ම ඔහු පිළිබඳව කතාකරන්න පටන් ගත්තේ ස්වර්ණවාහිනියෙන් එකවරම ඔහුව ඉවත් කලේ ඇයි කියලයි. විවිධ මාධ්‍ය සාකච්චා වලදී නදීක මේකට උත්තරයක් විදියට කිව්වේ කිසිම හේතුවක් නැතිව බොරු හේතු ගොඩක් හදලා රටම දන්නා යම් පුද්ගලයෙක්ගේ ප්‍රධාන මැදිහත්වීමෙන් මේක කළා කියලා.

ඔහුගේ නිවුණු නිවේදන විලාශයට හැම කෙනෙක්ම ගොඩක් කැමති නිසා එම නාලිකාවෙන් මෙහෙම ඉවත් කිරීම ගැන මිනිස්සු අදටත් ගොඩක් කනගාටු වෙනවා.

අද වනවිට එම නාලිකාවේ සේවය කල ප්‍රවීනයින් කිහිප දෙනෙකුටම මෙදේම සිද්ද වෙලා තියනවා. ඒ අතරින් හරින්ද්‍ර ජයලාල් සහ මෑතකදී ඉවත් වුනු තිලිනි පෙරේරාත් ඇතුලත් වෙනවා. යම් පුද්ගලයින්ගේ අකටයුතුකම් නිසා ඔවුන්ට එම නාලිකාවෙන් ඉවත් වෙන්න සිදුවුණා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

නදීකට අදටත් ඕනෑම රුපවාහිනී නාලිකාවකට සේවයට එන්නට හොඳින්ම හැකියාව තිබුනත් දැන්නම් ඔහු ගමට වෙලා සාමාන්‍ය විදියට ජිවත් වෙනවා. හැමදේටම ස්වභාව දර්මයෙන් යමක් ලැබෙන නිසා නිහඩව සිටින්නට නදීක තීරණය කරලා තියනවා.

හරින්ද්‍ර නදීක සහ තිලිනි කියන්නේ ලංකාවේ ජනප්‍රියම සහ දක්ෂ නිවේදකයින් තිදෙනෙක් කියලා අපි කියා දෙන්න අවශ්ෂ්‍ය නැහැ. නදීකගේ උපන් ගම වෙන්නේ කුරුණෑගල පන්නල, තවමත්විවහා වෙලා නැති නදීක ජිවත් වෙන්නේ අම්මා සමඟයි.

තමන්ගේ ගමට ගොඩක් ආදරේ කරන නදීක හරින්ද්‍ර එක්ක යුටියුබ් නාලිකාවේ සාකච්චාවකට එක්වෙලා මෙහෙම පැවසුවා. මම පොලවේ පයගහලා ඇත්තට මුහුණ දීලා ජිවත් වෙන කෙනෙක්. මගේ පවුලේ ඉන්නේ අම්මයි වැඩිමහල් සහෝදරයෙක් සහ තවත් සහෝදරියන් දෙදෙනෙක්. මගේ ජිවිතේ වටිනාම දේ තමයි අම්මා, විවහා වෙන්න මගේ ආදහසක් නැහැ. අම්මට දැන් වයසයි ඇයත් මගෙන් ස, මුගත් දවසක මගේ අදහස මහන වෙන්න. පුංචි කාලේ ඉඳලා මේකට මගේ ආසාවක් තිබුනට අම්මට මාව නැතුව ඉන්න බැරි නිසා අදහස අත්හැරියා. අනාගතේ දවසක මම ඒ තැනට යන්න හැමදේම කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *