නතාෂා පෙරේරා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම කලාවත් එක්ක අත්වැල් බැඳ ගත්තු ආදරණීය කලාකාරිනියක්.ඇය සුළඟක් වී මං යනවා කියන ගීතය හරහා ගායිකාවක් විදිහටත්.දඟ මල්ල ටෙලි නාට්‍යයේ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්තා.
ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියක් මේ වෙද්දි නීතිඥවරියක්. ඇයව නීතිවේදය වැඩිදුරටත් හැදෑරීම සඳහා විදෙස් ගත වුණා.ඒ වගේම තමයි පසුගිය කාලයට ඕස්ට්‍රේලියාවට වෙලත් කල් ගත කරන්න ඇය අමතක කළේ නැහැ.ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී නතර කලා කටයුතුත් එක්ක නම් අපිට වැඩිපුර දැකබලාගන්න අවස්ථාව ලැබුණේ නැහැ.
කෙසේ නමුත් කාර බහුලතාව යත් එක්ක කලාව ඇයට චුට්ටක් මිස් උනත් එය පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමුකරලා අලුත් වැඩ කටයුතු කරන්න නතාෂා සූදානමින්. ඒ වගේම තමයි ඇය විවාහ වෙන්නේ ගායන ක්ෂේත්රය තුළ ඉන්න තවත් සුන්දර ගායකයෙක් වන ප්‍රිහාන් සමග.
ගොඩක් දෙනෙක් පසුගිය කාල සීමාවේදී සඳහන් කරපු දෙයක් තමයි නතාෂා සහ ප්‍රිහාන් විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරනවා කියන දේ.ඇත්තටම නතාෂා තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම තුළ ඔහුත් එක්ක ඡායාරූප පළ කරන්නේ නැහැ. ඒ නිසා උඹ කට කතා නිර්මාණය කරන අය ඔවුන්ගේ දික්කසාදය පිළිබඳ වත් කතාවක් නිර්මාණය කරලා අවසන්.ඒ වගේම පසුගිය කාලයේ ඇය විදේශ ගත වුණාට පස්සෙ නතාෂා ඇගේ දෙවෙනි සැමියා ඇගේ දෙවැනි සැමියා අතහැර රටින් යයි කියන ප්‍රවෘත්ති පවා සැකසුණා. ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී විදිහට සිද්ද වෙද්දි තාමත් මුනිවත රැක ගෙන හිටපු නතාෂා මේ දික්කසාදය ගැන යූටියුබ් නාලිකාවක් සමග එකතු වෙලා කිව්වේ මේ වගේ කතාවක්.
“මගේ දික්කසාදය ගැන මගේ ඩිවෝස් එක ගැන මම කථා කරන ප්‍රථම වතාව මේක.කතා කරන ප්‍රථම වතාව කියන්නේ ඒ දේ සිද්ධ වුණා කියලා නෙමෙයි.ඒ දේ සිද්ධ වුණා කියලා යන ප්‍රවෘත්ති පිළිබඳව කතා කරන ප්‍රථම වතාව.අර අපි කියනවා නේ ගින්නක් නැතුව දුමක් නගින් නැහැ කියලා. ඔම් මං දැන් කියන්නම් ඔය දුම නගින්න හේතු වුණු ගින්න.
විවාහ වෙච්ච දවසේ ඉඳලා ප්‍රිහාන් හැම දවසම කිව්වේ වෙන ආදරවන්තයින් වගේ වෙන couples වගේ අපි හැමදාම එකට වැඩ කරන්න ඕනි නැහැ කියලයි.අපිව හැම වෙලාවෙම එකට දකින්න ඕනි නෑ කියලයි.අපි ක්ෂේත්‍රයට ආවේ වෙන් වෙන් වශයෙන්.ඔයා ඔයාගෙ ගමන යන්න කියලා එයා කිව්වා.අපි දෙන්න පසුකාලීන වත් එකට වැඩ කරමු කියලා කිව්වා.ඕක මුල් කාලේ කිවුවහම ඇත්තටම මට හරියට දුක හිතුණා.මම අඩලා තියෙනවා රණ්ඩු වෙලා තියෙනවා.මට ඒක දරා ගන්න අපහසු වුණා.ඕනි තැනක උස්පහත් වීම් තතියෙනවා.ඇත්තටම මට පස්සේ ඒක තේරුණා.මට හැබැයි ඒ අවබෝධය ට එන්න ටිකක් කල් ගියා.ඇයි මට මෙහෙම කියන්න කියලා මම කලින් හිතුවා.මගේ අඩුපාඩුවක් තියෙයිද කියලා මම හිතුවා.මම හොඳ නැද්ද කියලත් මම හිතුවා.නමුත් මට මේ වෙද්දි හිතනවා ඔහු ඒ කියපු දේ ඇත්ත කියලා.අපි හැම වෙලාවෙම අපි දෙන්නයි කෙනෙක් විදිහට පෙනී සිටින්න ඕනි නැහැ.ඔය දේවල් එක්ක මම මගේ සමාජ මාධ්‍ය වල ෆොටෝස් දාන්නෙ තනියම.ඔන්න ඔය දේවල් ඔස්සේ තමයි මම අර ඉස්සෙල්ලා කියපු කතාවක් නිර්මාණය වුණේ.”
ඔන්න ඔය විදියට තමයි ඇය තමන්ගේ දික්කසාදය ගැන කතා කරපු හැමෝටම රිදෙන්න ඒ වෙනුවෙන් පිළිතුරු දීලා තිබුනේ. කෙසේ නමුත් ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා මේ කිසිම දෙයක් කනකටවත් ගනන් ගන්නෙ නැහැ කියලත් ඇය සඳහන් කළා.