ඕෂදී හේවාමද්දුම කියන්නේ පුංචි තිරයෙන් රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුරූපී රංගන ශිල්පිනියක්.වැඩි වශයෙන්ම අපි ඇයව දැක බලාගත්තෙ පුංචි තිරයේ විවිධ ටෙලි නිර්මාණයන් හරහා.ඒ වගේම ඕෂධී ජාත්‍යන්තර මට්ටමේ රූපරාජිනී තරඟ පවා ජයග්‍රහණය කරපු සුරූපිනියක්.
ඒ වගේම තමයි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ කලකට කලින් ඇය දේශපාලන භූමිකාව තුළත් සක්‍රීය චරිතයක් බවට පත්වුනා.පාර්ලිමේන්තුවට යන්න අපේක්ෂිකාවක් විදිහටයි ඇය තරග කෙරුවත් අවසානයේ ඇයට ඡන්දය නම් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ.
ගොඩක් අය කියන්නෙ පාර්ලිමේන්තුවට යන්න උත්සාහ දරන්නේ ඒ ගැනීමක් නැති මිනිස්සු කියලයි.ඉතින් මේ මතයට විරුද්ධ ඕෂධී කීප අවස්ථාවකදීම ඇයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන පවා කතා බහ කරලා තිබුණා.කෙසේ නමුත් දේශපාලනයෙන් ඈත් වෙලා මේ වෙද්දි අසරණ ජනතාවට කරන්න පුළුවන් දෙයක් කරන්න උත්සාහ දරන ඇයට ප්‍රේක්ෂකයන් ගොඩක් දෙනෙක් හොඳ කියන්න පටන් ගත්තා.
දේශපාලනයට ගියාට පස්සේ ගොඩක් ප්‍රේක්ෂකයන් ඇය ගෙන් ඈත් වුණත් පසු කාලීනව රංගන ශිල්පිනියක් විදිහට ඇය නැවතත් කලාවත් එක්ක එකතු උනහම බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්න පටන් ගත්තා.ඉතින් ඇත්ත වශයෙන්ම ඕෂධීත් මේ වෙද්දී දරුවන් ඉන්න මවක් වෙච්චි නිසා ඇය තමන්ගේ සැමියා එක්ක ගත කරන ජීවිතය පිළිබඳවත් වැඩසටහන් වලට ඇවිල්ල කියන්න අමතක කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“මට හොඳ මහතෙක් හම්බ වුණාට හැමෝටම එහෙම හම්බ වෙන්නේ නැහැ. මම අවුරුදු විසි දෙකෙන් බැන්දට දරුවා හැදුවෙ නැහැ අපි travel කලා විනෝද වුණා.ඒවා දරුවා හම්බුනාට පස්සෙ විඳින්න අමාරුයි.අපි අවුරුදු දහයක් යාළුවෙලා බැන්දත් විවාහ වුණු ගමන් දරුවො හදන්න එපා. මොකද යාළු වුණා වගේ නෙවෙයි බැන්දට පස්සේ.මමයි මහත්තයයි බැන්දට පස්සේ මාස හයක් වෙන ගෙදරකට ගියා.අපි දෙන්නා හැමදාම රණ්ඩු වෙනවා පොඩි පොඩි දේවල් වලට.ඒවා යාලුවුණු කාලේ නැහැ. අපි දෙන අවසානයේ තීරණයකට ආවා මට තරහ ගියහම එයා නිශ්ශබ්ද උනා එයාට තරහ ගියාම මම නිශ්ශබ්ද වුණා. එකපාරක් රණ්ඩුවෙලා මම මගේ මගුල් මුද්ද පවා විසි කළා දැන් අපි බැඳලා අවුරුදු පහළොවක් මම මේ කියන්නේ අත්දැකීම්”
ඉතින් ඕෂධි තමන්ගේ පෞද්ගලික ජීවිතය මූණ දීපු එවැනි අත්දැකීම් පිළිබඳව විවාහ වෙලා ඉන්න සහ විවාහ වෙච්ච අයට අදහස ඉදිරිපත් කරලා තිබුණේ ඒ ආකාරයෙන්.කෙසේ නමුත් තවත් බොහෝ කාලයක් සතුටින්ම ජීවත් වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.