දෙවෙනි ඉනිම තියෙන්නේ හරියටම තව මාස දෙකයි, හිතපු නැති අවසානයක් තියෙන්නේ

මේ වනවිට ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ, ඉතින් දෙවෙනි ඉනිම හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන නෙත්මි රොෂෙල් සමගයි, ඉතින් නෙත්මි කියන්නේකෝ ඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආස කරන්නේ මොන වගේ දේවල් වලටද ” මම වැඩියෙන්ම ආදරේ පුංචි බබාලටයි සතුන්ටයි, ඒ වගේම මම ඒ අයට ගොඩක් ආදරෙයි, අපේ ගෙදර සත්තු වත්තක් වගේ, මට බලු පැටවූ සහ පූස් පැටවූ ගොඩක් ඉන්නවා, මම ගෙදර ඉන්න අයට විතරක් නෙවෙයි පාරේ ඉන්න සත්තුන්ටත් ගොඩක් ආදරෙයි මට පුළුවන් වෙලාවට මම ඒ අයට සලකනවා, සත්තු කවදාවත් බොරුවට ආදරේ කරන්නේ නෑ, පොඩි බබාලත් එහෙමයි, සත්තු සහ බබාලා කියන්නේ මගේ ජීවිතේ කොටසක් කියලයි මම හිතන්නේ”

නෙත්මි දක්ෂ රඟපාන්න විතරද..? නැහැ මම රඟපාන්න වගේම නිවේදනයත් ගොඩක් දක්ෂයි, පාසල් කාලයේ මම නෙවෙදන කටයුතුවලට සම්බන්ද වෙලා තියෙනවා, හැබැයි රංගන ශිල්පිනියක් වුනාට පස්සේ තමයි මට මේ විදියට ප්‍රසිද්ධ වේදිකාවල නිවේදන කටයුතු වලට ආරාධනා ලැබුනේ, ඇත්තම කියනවනම් දෙරණ නාලිකාවේ ලිට්ල් ටයිටෑන් වැඩසටහනේ නිවේදනයට එකතු වෙන්න ලැබීම මට ලැබුන ලොකු වාසනාවක්, දෙරණ නාලිකාවේ ස්ටාර් සීසන් වන් සඳහා මමත් නිවේදිකාවක විදියට සම්බන්ද වුනා, ඒ වැඩසටහන් දෙකම හරිම ආසාවෙන් තමයි මම කලේ”

ආදරය ගැන මොකද හිතෙන්නේ, ”ආදරය කියන්නේ ගොඩක් සුන්දර දෙයක්, මම හැමදේකටම කලින් කරන්නේ මට ආදරය කරන එක, ආදරයක් නැතුව කාටවත්ම ජීවත් වෙන්න විදියක් නෑ, පවුලේ ආදරය, මගේ ආදරණීය ප්‍රේක්ෂයන්ගේ ආදරය, යහළුවන්ගේ ආදරය මට අඩුවක් නැතුව ලැබෙනවා, හැබැයි මම කිසිම වෙලාවක පෙම්වතෙක් හොයාගන්න දැන්ම කලබල වෙන්නේ නෑ, මොකද මම හිතන විදියට ආදරයක් පටන් ගන්න එක ටිකක් බැරෑරුම් වැඩක්, සියයට සියයක්ම ගැලපුනේ නැත්නම් ප්‍රශ්න වැඩි වෙනවා, ඉතින් ඒ නිසා මම ආදරයක් ගැන තීරණයක් ගන්න මම දැන්ම කලබල වෙන්නේ නෑ”

නෙත්මි ජනප්‍රිය වෙන්නේ දෙවෙනි ඉනිම නාට්‍ය හරහා, ඉතින් ඒ ගැන මොකද කියන්න තියෙන්නේ, ”තව මාස දෙකකින් විතර දෙවෙනි ඉනිම අවසන් වෙනවා, දෙවෙනි ඉනිම නිසා තමයි මම අද මේවගේ තැනක ඉන්නේ, මට ලැබෙන ප්‍රේක්ෂක ආදරය මට වචනවලින් විස්තර කරන්න බැරි තරම් වටිනවා, කොහොම වුනත් ආක්ෂාගේ චරිතයට සමු දෙන්න වෙන එක ගැන හිතේ ලොකු දුකකුත් තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් දෙවෙනි ඉනිම එක්ක වගේම ආක්ෂා එක්ක හිටපු අපිට ආදරේ කරපු හැමෝටම තවත් ටික කාලයක් අපිත් එක්කම කතාවේ අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලත් මම මතක් කරනවා. වෙනස්ම අවසානයක් තමයි තියෙන්නේ ඒ නිසා අනිවාර්යෙන් බලන්න”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *