ගැහැණු ළමයෙක් නම් වැරදි දේකට පොළඹවාගන්න ගුරුවරයෙකුට හිතෙන්න බෑ

තරබාරු බව වැඩි බව කියමින් ගුවන් යානායකට ගොඩවීමට ඉඩ නොදීමේ සිද්ධියකට පසුගිය දා ඇය මුහුණ දුන්නාය. සිද්ධිය වාර්තා වන්නේ මෙසේය. ජුලියානා නෙම්හේ 38 හැවිරිදි Juliana Nehme, අනුගාමිකයින් 1,68,000 ක් සිටින Instagram ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ පසුගිය නොවැම්බර් 22 වන දින ලෙබනනයේ බේරූට් සිට දෝහා දක්වා වූ ඇගේ ගුවන් ගමන සඳහා ගුවන් යානය වෙත ප්‍රවේශ වීමට ඇයට අවසර නොදුන් බවය.

ඇය ලෙබනනයට යන ඇයගේ ගමනේදී ගුවන් සමාගමට ඇයගේ බර සම්බන්ධව කිසිදු ගැටලුවක් ඇති වී තිබුණේ නැත. ඇය පියාසර කර තිබුණේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සමගය. “මම ‘ ඉකොනොමි ‘ ටිකට් පතකින් පැමිණියෙ. කිසිදු අපහසුතාවයක් හෝ හිරිහැරයක් අත්වින්දෙ නෑ,” ඇය පැවසුවාය.

එහෙත් පසුව ඇය ලෙබනන් සිට දෝහා දක්වා කටාර් එයාර්වේස් යානයෙන් සිය ගුවන් ගමන යෑමට සුදානම් වූ විට එම සමාගම ඇයට පියාසර කිරීමට ඉඩ දුන්නේ නැත. හේතුව ලෙස කීවේ සාමාන්‍ය පන්තියේ ආසනයට වඩා ඇය මහත බවය. “මම කටාර් හරහා බ්‍රසීලයට ආපසු ප්‍රවේශ පත්‍රයක් මිල දී ගෙන පරීක්ෂා කිරීමට නියමිත වේලාවට පැමිණියා. තවත් සේවකයෙකු අපගේ පරීක්ෂාව අවසන් කරමින් සිටියා.. එහිදී කටාර් ගුවන් සේවිකාවක් මගේ මවට කතා කළා. ඇය කීවා මට යානයට ගොඩවීමට දිය නොහැකි බව.“ ජුලියානා පැවසුවාය.

කටාර් කාර්ය මණ්ඩලය ඇයට පවසා තිබුණේ යානයට ගොඩවීමට ඉඩ දෙන්නේ ඩොලර් 3,000 කට ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක් මිලට ගත්තේ නම් පමණක් බවය. ඇයගේ මූලික ටිකට් පත සඳහා ඇය ඒ වනවිටත් ඩොලර් 1,000 ක් ගෙවා තිබිණි. ඇය කීවේ කාර්ය මණ්ඩලය එම මුදල ආපසු ගෙවීමටත් ඉදිරිපත් නොවූ බවය.

“අපි හතර දෙනෙක් එකට ගමන් කළ නිසා අවසානය දක්වා මට පියාසර කිරීමට ඉඩ දෙන්න කියලා මා කීවා. ඒත්තු ගන්වන්න උත්සාහ කළා. ඇය එය ප්‍රතික්ෂේප කළා! මම ගමනට පෙර පැය දෙකකට ආසන්න කාලයක් නැවතී සිටියා. මගේ අම්මා හැම මේ ප්‍රශ්නය විසඳාගන්න ගොඩාක් උත්සාහ කළා.“ මේ ප්‍රශ්න අතරෙ එක් සේවකයෙකු “මට තර්ජනය කළා” . අය කීවේ ඒ අතර තුර අ ඇයව “තල්ලු” කළ බවය.

“ඔවුන් කරන දේ මම පටිගත කිරීමට උත්සාහ කරන විට, කවුන්ටරයේ සිටි ගැහැණු ළමයා මාව තල්ලු කළ කළා. ගුවන් තොටුපලේ සිටි සියලුම මිනිසුන් ඉදිරියේ මම අතිශයින් නින්දාවට පත් වුනා… වරද මගේ මහත… කටාර් එයාර්වේස් වැනි සමාගමක් මිනිසුන්ට මෙවැනි වෙනස්කම් කිරීමට ඉඩ දීම ගැන ලැජ්ජා විය යුතුයි. මම මහත නමුත් මමත් හැමෝම වගේ!” ජුලියානා කීවේ එසේය.

“මගේ ප්‍රවේශ පත්‍රය විකුණා ඉන් පසු මා අවමානයට ලක් කිරීම, මට තර්ජනය කිරීම සහ පියාසර කිරීම තහනම් කිරීම සාධාරණ වෙන්නෙ කොහොම ද?“ බ්‍රසීල මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජුලියාන නෙහ්මේ මෙසේ මෙසේ ද කීවාය. “එය හරියට මා ඔවුන්ට මිනිසෙකු උනේ නෑ වගේ දෙයක්. එතකොට මම ගොඩට යන්න බැරි මහත රකුසෙක් . ඒක හරිම භයානක අත්දැකීමක්. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා.”

බ්‍රසල්ස්හි බ්‍රසීල තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කටාර් එයාර්වේස් ඇමතීමෙන් පසුව ඇගේ මුල් සාමාන්‍ය පන්ති ප්‍රවේශ පත්‍රය භාවිතා කර ගුවන් යානයකට ගොඩවීමට ඇය සමත් වූවාය. පසුව බ්‍රසීලයේ උසාවියක් කටාර් එයාර්වේස් වෙත නියෝග කර ඇත්තේ “තරබා වැඩි” යැයි කියා ගුවන් යානයකට නන්වා ගැනීම ප්‍රතික්ෂේප කළ නිරූපිකාවකට ඔවුන් ඇතිකළ මානසික පීඩනයට මනෝ චිකිත්සක ප්‍රතිකාර ගැනීමට මුදල් ගෙවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *