කලා ලෝකය තුළ තමන්ගේ ආදරණීය මව සහ පියාගෙන් උරුම වෙච්චි අපූරු හැකියාවන් අරගෙන රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට එන ඇය නමින් මාධවී වත්සලා.මාධවී පුංචිම කාලෙ ඉඳන් තමයි කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ දක්ෂ ළමා වැඩසටහන් නිවේදිකාවක් විදිහට.
එයාකාරයෙන් කලාවත් එක්ක සම්බන්ධ වුණු ඇයට නටන්න සිංදු කියන්න සහ නිවේදනය කරන්න හරි අපූරුවට පුළුවන්.මාධවිගේ ආදරණීය මල්ලිලා දෙන්නා වන සජිත සහ අකිල කියන දෙන්නත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න විවිධ හැකියාවන් වලින් සමන්විත කලාකරුවන්.
කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාදවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.
මේ විදිහට ආදරණීය තාත්තා රෝහලක ප්‍රතිකාර ලබද්දී දරුවන් විදිහට ඔවුන් නැවත වතාවක් තාත්තගේ සුවදුක් විමසන අතර තුර කලාවත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා.ඒ වගේම තමයි ඇය ඉඩ ලද සෑම අවස්ථාවකදීම තාත්තත් එක්ක තියෙන සුන්දර මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා හදා ගන්න අමතක කරන්නේ නැහැ.
පසුගිය දවසක ඇය තමන්ගේ තාත්තා ඇයට පුරුදු කරපු ජපන් කෑම වර්ගයක් ආහාරයට ගැනීමට අවන්හලකට ගිහින් තිබුණා.හැබැයි එදා තාත්තත් එක්ක කෑම කන්න ගියත් අද නම් තාත්තා නැතුව තනියම තමයි ඇය ගිහින් තිබුණේ.එය අවස්ථාව සිහිපත් කරමින් මාදවී ගත් සුන්දර ඡායාරූප කිහිපයක් සමග තාත්තවත් මතක් කරලා සංවේදී සටහනක් මුහුණ පොතට එකතු කරලා තිබුණා.ඉතින් මේක දැකපු එක්තරා රසිකයෙක් තාත්තටයි මල්ලිලාටයි ලැජ්ජ කරන්න එපා කියලා කමෙන්ට් එකක් මේ පින්තූර වලට යටින් එකතු කරනවා.
ඇත්තටම ලස්සන දෙයක් ලස්සන විදිහකට දකින්න බැරි හරි පුදුම මිනිස්සු කියලා මේ අදහස එකතු කරපු පුද්ගලයා ට ගොඩක් දෙනෙක් දෝෂාරෝපණය කරලා තිබුණා.කෙසේ නමුත් මේක බලන් හිටපු මාධවී මේ පුද්ගලයාට ඒ වෙනුවෙන් පිළිතුරු සපයන්නත් අමතක කළේ නැහැ.එයාකාරයෙන් මාදවී මුහුණු පොතට එකතු කල සටහන සහ අදාළ පුද්ගලයාගේ කමෙන්ට් එක සහ මාධවී එයට දීපු පිළිතුර පහතින් උපුටා දක්වා ඇත.කෙසේ නමුත් ඇයගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනි මහත්මයාට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.