අපේ රටේ ජනප්‍රියම ගායන ශිල්පීන් යුවල තමයි භාතිය සහ සන්තුෂ් කියන්නේ. මීට වසර ගණනාවක සිටම අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නැතිවම බැරි ඔවුන් දෙපළ අදටත් රටේ ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටිනවා. ඒ වගේම ප්‍රවීනත්වයෙන්ද ඉහළින් ම සිටිනවා.
මේ දෙපළ අතරින් කොයි කවුරුත් ආදරේ කරන භාතිය ජයකොඩි ආදරණීය පියෙක් වගේම ආදරණීය සැමියෙක් වශයෙන් ද කටයුතු කරනවා. පසුගිය දිනයක දී ඔහු එක්තරා වැඩසටහනක් සමගින් එකතු වෙමින් මේ විදිහට අදහස් දක්වා සිටියා.
“මගේ දුව සහ මගේ බිරිඳ මට හැම වෙලා තියෙන හරිම ශක්තිමත් ම කාන්තාවන් දෙදෙනෙක්. මගේ දුව ඇත්තටම අම්මා වගේයි. මගෙ වයිෆ් හර්ෂි. එයා නිසා මගේ ජීවිතයට ගොඩක් ලොකු ශක්තියක් මට ලැබිලා තියෙනවා. එයා සාමාන්‍යයෙන් තිරයට පෙනී සිටින්න ආස නැති කෙනෙක් සාමාන්‍යයෙන් වැඩිය එන්නෙත් නැහැ. ඔයාලා වැඩිය දැකලත් නැතුව ඇතිනේ. එයා ඇත්තටම ක්‍රීඩා පුහුණුවරියක්.
මගෙ දුව ගොඩක් සින්දු කියනවා. drums play කරනවා. එයාලට ඇත්තටම අදාලම නැහැ. භාතිය ජයකොඩිගෙ නෝනද දුවද කියලා. අදටත් මම ආඩම්බරයෙන් කියනවා මගේ දුව කිසිම තැනකදී මගේ නම භාවිතා කරලා නැහැ.
මගේ දුව අට වසරෙ විතර ඉන්නකොට දවසක් මට කිව්වා තාත්ති ඔයා කොන්සර්ට් එකට ඇවිල්ලා පුලුවන්නම් ඉස්සරහහින් ඉදගන්නෙ නැතිව පිටිපස්සෙන් වගේ ඉදගන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ දුව කියනවා එයා මොකක්දෝ එකකට තේරුනාට පස්සේ වෙන ළමයෙක් ඇවිල්ලා කියලා ඔයා ඉතින් භාතියගේ දුවනෙ ඔයාව කොහොමත් තෝරනවා කියලා. ඒක නිසා අදටත් මම concert එකකට එහෙම ගියාම පිටිපස්සෙන් තමයි වාඩි වෙන්නෙත්.
මම ඉතින් ඒ ගැන සෑහෙන්න ආඩම්බර වෙනවා මොකද සාමාන්‍යයෙන් එහෙම ළමයෙක් නෑනේ. මම දුවව ඉස්කෝලෙට දාන්න යනකොට පවා කාර් එක ඈතින් නවත්තලා මෙයා බැහැලා පයින් ඇවිදගෙන යනවා. මම ඇයි අහනකොට කියන්නේ ඔයා ඇවිල්ලා බහිනකොට මිනිස්සු ඇවිල්ලා ඔයා දිහා බලනවයි අනම් මනම් මම ඒකට ආස නැහැ කියලා.
මම ඉතිං අහනවා දුවගෙන් ඇයි ඔයාට ලැජ්ජයිද කියලා මම ගැන. එතකොට කියනවා නැහැනේ මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා. දවසක මම තැනකට ගියාම ඔයා ගැන දැන ගනී එතකම් මම දෙයක් මගෙ හැකියාවෙන් achieve කරගත්තම ඒක ඔයා නිසා උනා කියල නේ කියන්නේ. ඉතින් ඒ attitude එක පවා කියලා දීලා තියෙන්නේ එයාගේ අම්මා.”