හිරේ ගෙවපු දවස් කිහිපය මතක් වෙද්දීත් පිස්සු වගේ, අන්තිමට මට ගෙවල්, වාහන, ඉඩම් සියල්ල නැති වුණා – දමිත් අසංක

කාලයක් ලංකාවේ මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරපු කටහඬකට හිමිකම් කියන අදටත් හදවතේ ගායකයා ලෙසින් කවුරුත් හදුන්වන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දමිත් අසංක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු ගායනා කල මට දුන්න දුක් ගින්න, මගේ ප්‍රථම ආදරේ, සිතේ පෙම් පුරා, මේ අනන්ත රාත්‍රියේ, සුදු මූණ දැකගන්න වැනි ගීත අදටත් අපේ රටේ ඉතාම ජනප්‍රියයි.

කොහොම නමුත් පහුගිය කාලයේ වසර ගණනාවක් පුරාවට ඔහුව ක්ෂේත්‍රයේ දකින්නට නොලැබුනත් දැන් නැවතත් ප්‍රසංග වේදිකාවේ ඔහුව දැකගන්න ලැබෙනවා. ඉතින් පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා දමිත් අසංක ඔහු ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දැන් නැවතත් ඔහුට ප්‍රසංග වලට ආරාධනා ලැබෙන නිසා ඉස්සර වගේම සංගීතය එක්ක ජීවිතේ ගලාගෙන යනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම ලංකාවට අලුත් කාලෙක තමයි දමිත් අසංක කොන්සට් එකක් කරන්න පටන් ගත්තේ. කොහොම නමුත් කොන්සට් එක සාර්ථක වුනාට සෙනග ආපු නැති නිසා කොන්සට් එකට ඔහුගේ පෞද්ගලික ධනය වියදම් කරපු නිසා ඔහුට විශාල පසුබෑමකට, කඩාවැටීමකට ලක් වෙන්න සිද්ද වුණා.

ඉතින් ඒ වගේම කොන්සට් එක හරහා ඔහුගේ මේ ආනන්ත රාත්‍රියේ කියන ගීතය අතිශයින් ජනප්‍රිය වුණා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඒ හරහා දක්ෂ වාදකයෝ කිහිප දෙනෙකුත් බිහි වුනා කියලයි දමිත් අසංක කියන්නේ. හැබැයි මුදල් පැත්තෙන් ඔහු ජීවිතේ කඩා වැටුණු නිසා ඔහුට තිබුණු ගෙවල් ඉඩකඩම්, යාන වාහන සියල්ලම විකුණන්න සිදු වෙලා තියෙනවා. ඉතින් දැන් ආපහු ඒ වැටීමෙන් නැගිටින්න උත්සහ කරමින් යන ගමනක් මේක කියලයි ඔහු කියන්නේ.

ඉතින් දැන් ඔහුට කියලා මුකුත්ම නැති නිසා අම්මා තාත්තාගෙන් උරුම වුනු තැනක පොඩි ගෙයක් හදාගෙන යනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු ජීවිතේ මත්ද්‍රව්‍ය වලට ගොඩක් යටවෙච්ච මනුස්සයෙක් නෙවෙයි කියලත් දමිත් කියනවා. කොහොම නමුත් ක්ෂේත්‍රයේ මුල් කාලයේදී ඔහු අරක්කු පානය බිව්වත් අවුරුදු 3ක් 4ක් යද්දී එකත් අතහැරියා කියලයි ඔහු කියන්නේ. ඊට පස්සේ තවත් දෙයක් අත්දැකීමක් විදිහට පාවිච්චි කලත් එකත් ටික දවසක් යද්දී නැවැත්තුවා කියලත් දමිත් කියනවා.

ඉතින් දැන් ඔහු කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැහැලු. ඒ වගේම දැන් අගාම දහමත් රැකගෙන ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට යම්කිසි හේතුවක් නිසා දවස් 14ක් හිරබත් කන්න සිදුවෙලා තියෙනවා. ඉතින් ඒ හිරේ ගෙවපු දවස් 14 මතක් වෙද්දීත් ඔහුට පිස්සු වගේ කියලයි දමිත් කියන්නේ. ඒ වගේම කුරා කූඹියෙකුට්වත් හිර වෙලා ඒ වගේ තැනක ඉන්නේ ලැබෙන්න එපා කියලා ඔහු හැමදාම ප්‍රාර්ථනා කරනවාලු. හිරගෙදර ජීවිතේ ඒ තරමටම කටුකයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *