මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ, නීල පබළු හා රේස් කියන නාට්‍ය තුන හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියලා කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ විකාශනය වුනු මාණික්කාවත හා බොනිකර තරු ටෙලි නාට්‍ය දෙක හරහාත් ඔහු ප්‍රේක්ෂයින් හමුවට ආවා. ඉතින් දැන් සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් වන රිද්මා පිලපිටිය සමඟ විවාහ වෙලා ඉන්න ඔහු ආදරණීය බිරිඳයි පුංචි පුතයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බවත් කාටත් රහසක් නම් නෙවෙයි.
ඉතින් රිද්මා කියන්නේ ඔහුට වඩා අවුරුදු 20ක් බාල බිරිඳක් වුනාට ඇය වගකිම් ඉටු කරන හොඳ බිරිඳක් කියලයි රොෂාන් කියන්නේ. මොකද ඔහුගේ නාට්‍ය ශෙඩියුල් එක පවා ඔහුට මතක් කරන්නේ ඇයලු. ඒ වගේම සූටිං යද්දි පාන්දර නැගිටලා හැමදේම ලෑස්ති කරලා දරුවගේ වැඩත් බලලා ගෙදර වැඩත් බලන බිරිඳක් ඔහුට ඉන්නවා කියලත් රොෂාන් කියනවා. ඒත් එක්කම ගෙදර මල්, එළවළු පලතුරු හදලා ගෙදර ලස්සන කරන්නෙත් ඇය තනියම තමයි කියලයි ඔහු කියන්නේ.
ඒ වගේම රිදමා කියන විදිහට ඇය රොෂාන් එක්ක විවාහ වුණාට පස්සේ ඔහු නිසා ඇයට ගොඩක් රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඇය හිතන්නේ දෙන්නම කාර්යබහුල වෙන්න ඕන නැහැ කියලාලු. ඉතින් එහෙම වුණොත් පවුල ඇතුළේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන් කියලත් ඇය කියනවා. අනිත් එක මේ යුවලගේ ආදරණීය රාහුල් පුතාගේ වයස තවම අවුරුදු තුනක් නිසා එයාට අම්මව මිස් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියලයි රිද්මා කියන්නේ.
ඒ වගේම ඇය උසස් පෙළ අවසන් කරලා අවුරුද්දක් දෙකක් විතර ඇතිලු ඇයට රොෂාන්ව මුණ ගැහෙද්දි. ඉතින් රොෂාන් ඇයව අඳුරන කෙනෙක් එක්ක ඇයගේ ගෙදර ඇවිත් වාහනේට වෙලා ඉන්නකොට තමයි ඇයව දැකලා තියෙන්නේ. එතකොට ඇයගේ කොණ්ඩය හරි දිගයි වගේම මේකප් නැති සරල පෙනුමක් තිබ්බ නිසා රොෂාන්ට ඒ මොහොතේ හිත ගිහින් තිබුනා කියලයි රිද්මා නම් කියන්නේ.
ඉතින් ඊට පස්සේ ඔහු ඇයට ආදරෙයි කියන්න කලින් විවාහ වෙන්න කැමතියි කියලා තමයිලු කිව්වේ. කොහොම නමුත් මේ දෙන්නට මුණ ගැහෙන්න ගෙදරින් අවසර නැති නිසා ඉක්මනින් විවාහ වෙන එක තමයි හොඳ කියලා මේ දෙන්නම හිතලා තියෙනවා. ඉතින් ඊට පස්සේ විවාහ වෙලා තියෙනවා. ඉතින් විවාහ වෙනකොට රිද්මාට අවුරුදු 23යි කියලත් ඇය කියනවා.
කොහොම නමුත් ඇයගේ ගෙදර අය සමාජ සම්මතයේ හිටපු අය නිසා එයාලා බය වුණාලු ඔවුන් දික්කසාද වෙයි කියලා. නමුත් ඇය එක තීරණයක හිටියාලු අනිවාර්යයෙන්ම බඳින්නේ රොෂාන්ව කියලා. ඉතින් ඇය ගෙදර අයට කිව්වාලු රොෂාන් නැත්නම් ඇය මැරෙනවා කියලා. ඒ වගේම එයා හැර වෙන කෙනෙක් බඳින්නේ නැහැ කියලත් ඇය කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අවසර දුන්නා කියලයි රිද්මා කියන්නේ. හැබැයි දැන් රොෂාන් තමයි එයාලගේ පුතා. ඒ තරම් ආදරේයි කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.