අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම සුරූපී නර්තන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ක්ෂේත්‍රයට පය තැබූ සුන්දර කළා ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම ශලනි වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නට තරම් වාසනාවන්ත වුනු දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.
කොහොම නමුත් මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතයෙන් වගේම හීනයකි මේ ආදරේ ටෙලිනාට්‍ය හරහාත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට වනවා. ඉතින් ඇය ක්ෂේත්‍රයට ආපු දා පටන්ම ඇයට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසාම ඇය රංගනයෙන් දායක වන හැම නිර්මාණයක් එක්කම එකතුවෙලා ඉන්න ඒ පිරිස නිසා ඇය අහිංසක චරිතයක් නිරූපණය කළත්, දුෂ්ට චරිතයක් නිරූපණය කළත් ඒ ආදරය සදා නොවෙනස්ව අදටත් එලෙසම පවතිනවා.
කොහොම නමුත් මීට සුළු මොහොතකට පෙර රටක් ආදරය කරන ජනප්‍රිය නිලි ශලනි තාරකා ගැන අපිට බොහොම කණගාටුදායක පුවතක් අහන්නට දකින්නට ලැබුණා. ඉතින් ඒ තමයි ඇයට ඩෙංගු රෝගය වැළදිලා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව. ඉතින් මේ ගැන පවසමින් ශලනි ඇයගේ සාමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරලා තියෙනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. 2023 අවුරුද්දට පා තැබුවේ පුංචි මදුරුවෙක් දුන්න ලොකු තෑග්ගක් එක්ක. 31 ඉදලා හොස්පිටල් එකේ. ඩෙංගු විතරයි හැදිලා තිබුනේ නැත්තේ දැන් ඒකත් හරි. එහෙනම් හැමෝටම සියලුම හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන දුක්කරදර නිමවන අතමිට මුදල් සරුවන සතුටින් හිනා වෙනා ඉන්න පුලුවන් අවුරුද්දක් වෙන්න කියලා 2023 අවුරුද්දට හැමෝටම මං ප්‍රාර්ථනා කරනවා කියලයි ඇය පවසලා තිබුනේ.
ඉතින් අපි මේ ආදරණීය සුන්දර රංගන ශිල්පිනියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඇය සිතන පතන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.