පහුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම කා අතරත් අතිශයින් කතා බහට ලක්වුණු තරුණියක් තමයි තිලිණි ප්‍රියමාලි කියලා කියන්නේ. ඉතින් මූල්‍ය වංචා චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයට ගිය ඇය අධිකරණයෙන් ගිය සතියේ ඇප මත මුදා හැර තිබුණා. ඉතින් ඊට පස්සේ මේ කතාව ඇත්ත නැත්ත දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයත් සමඟ කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ දෙවැනි විවාහයේ සැමියා තමයි කමිත් තනුක පෙරේරා.
කොහොම නමුත් ව්‍යාපාර කරන්න පුංචි කාලේ ඉඳලා ඇයගේ ලොකු කැමැත්තක් තිබුණා කියලත් තිලිණි කියනවා. ඉතින් ලොකු වුණාම කැරකෙන පුටුවේ ඉඳලා අත්සන් කරන්න කියලා පොඩි කාලේ ඉඳලා ඇයගේ සිතුවිල්ලක් තිබුණාලු ව්‍යාපාරිකාවක් වෙන්න ඕනෑ කියලා. ඒ වගේම ඇය ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොමුවුණේ ඇයගේ තාත්තා වඩු වැඩ කරපු අයෙක් නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය මුලදී නිවාස අවශ්‍ය අයගෙන් මුදල් අරගෙන, ඒ අයට ගෙවල් හදලා දීලා තියෙනවා. කොහොම නමුත් 2018 වසරේ දී ආයතනය වහලා ඊට පස්සේ 2019 වසරේ දී චිත්‍රපටි නිෂ්පාදනයට යොමුවීමෙන් තමයි ඇය බොහෝ දෙනෙක් හදුනා ගන්නේ.
ඒ වගේම ඇයට පුංචි කාලේ ඉඳලාම චිත්‍රපට, ටෙලි නාට්‍යවලට ආසාවක් තිබුණා කියලත් තිලිණි කියනවා. ඉතින් ‘කන්‍යාවි’ කියන චිත්‍රපටයේ ඇය රඟපාලත් තියෙනවා. ඊට පස්සේ පසුව ටෙලි නාට්‍ය කිහිපයකම ඇය රඟපෑවත් කන්‍යාවි කියන චිත්‍රපටයේ ඇය රඟපෑවාට ඒක ප්‍රදර්ශනය වන කොට ඇයගේ නම විතරයිලු එහි තිබුණේ. ඉතින් ඇයත් කවදහරි දවසක චිත්‍රපටයක් කරනවා කියලා එදා හිතා ගත්තා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ඇය ඊට පස්සේ ඇයගේ නම තිලිණි සහ කන්ට්‍රක්ෂන් යන දෙක එකතු කරලා ‘තිකෝ’ නමින් ව්‍යාපාරයක් හදලා තියෙනවා. පස්සේ තිකෝ චිත්‍රපට සමාගම හදලා තියෙනවා. ඉතින් ඒත් එක්කම තවත් ව්‍යාපාර කිහිපයක් එහි පවත්වාගෙන ගියා කියලයි ඇය කියන්නේ. ඇය මැණික් ව්‍යාපාරයකුත් කරළා තියෙනවා. ඒ වගේම තිකෝ ව්‍යාපාරය යටතේ තිබුණු සියලු ව්‍යාපාර ලියාපදිංචි කරලා තිබුණා කියලත් ඇය කියනවා.
කොහොම නමුත් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට මාධ්‍යවල වාර්තා වුනාට ඇයට එවැනි ආයතනයක් නැහැ කියලයි තිලිණි නම් කියන්නේ. නමුත් ඇය කිහිප දෙනෙක් සමග පුද්ගලිකව කතා කරලා ගනුදෙනු කිහිපයක් පමණක් කළා කියලා ඇය කියනවා. ඉතින් මේ ගනුදෙනු සිදුවණේ 2022 මැයි මාසයේදී කියලත් ඇය කියනවා. පුද්ගලයන් හය හත් දෙනෙක් එක්ක තමයි එම ගනුදෙනුව සිදු කරලා තියෙන්නේ. කොහොම නමුත් සමහර කට්ටිය ඇඟ බේරගන්න ඇයට චෝදනා එල්ල කළා කියලයි ඇය කියන්නේ.
ඉතින් මේ අය ළඟ තිබූ කළු සල්ලි ඇයව පාවිච්චි කරලා සුදු සල්ලි කරන්න ඒ අය උත්සාහ කළා කියලත් ඇය කියනවා. ඒ වගේම ඒගොල්ලෝ ඇයව පාවිච්චි කරලා ඒ අය සුදු වෙලා ඇයව කළු කරන්න උත්සාහ කළා කියලා ඇය හිතනවාලු. ඒ වගේම ඇය දේශපාලනඥයන් සමඟ ගනුදෙනු කරලා නැහැ කියලත් ඇය කියනවා. නමුත් ආණ්ඩුකාරවරයෙක් පමණක් ඇය ළඟ මුදල් දැම්මාලු. ඉතින් එම ආණ්ඩුකාරවරයා තමයිලු මේ මුදල් ගනුදෙනුවලට මූලික වුණේ. ඉතින් ඇය කවුරුවත් රැවැට්ටුවේ නැහැ, ඒ අය විශ්වාස කරලා රැවටුණේ ඇයයි කියලයි තිලිණි කියන්නේ.
ඒ වගේම ධර්මයට අනුව කාගෙන් හරි දෙයක් ගත්තොත් ඒක දෙන්න ඕනෑ කියලයි ඇය කියන්නේ. ඒ නිසා ඇය දෙන්න තියෙන දෙයක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඒ අයට ඒක ලැබෙයි කියලත් ඇය කියනවා. කොහොම නමුත් මේ සිද්ධිය වෙන්න කලින් ටික දෙනෙක් ඇයව දැනගෙන හිටියත් දැන් ඇයව දැන් මුළු ලෝකයේ ගොඩක් අය දන්වා කියලයි ඇය කියන්නේ. ඉතින් තව ටිකක් කල් යද්දී සමහර විට ඇයව අමතක වෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.