රංගන ශිල්පිනියක විදියට ලංකාවේ හැමෝගෙම වගේ ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ, වැඩිය නිර්මාණ හරහා දකින්න නොලැබුනත් ලංකාවේ ජනප්‍රියම නිලියන් අතර ඉහලින්ම ඉන්න නිලියක් විදියට දිනක්ෂි හඳුන්වන්න පුළුවන්, ඒ වගේම කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද කළා පවුල් අතරින් වැඩිම ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න පවුල විදියට හඳුන් වන්න පුළුවන්. 1990 වසරේ උපන් දිනක්ෂි මේ වනවිට 32වන වියෙහි පසුවෙනවා, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දිනක්ෂි පිලිබඳ,
දිනක්ෂි කියන්නේ මේ වනවිට ආදරණීය මවක් ඉතින් උතුම් මවු පදවිය ගැන දිනක්ෂි කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි සමහර අය කියනවා නොර්මල් දරු ප්‍රසුතියෙන් දරුවෙක් ලැබුනම තමයි ඒ අම්මා නියම දරු දුක දැනෙන අම්මා කෙනෙක් වෙන්නේ කියලා, සීසර් කරලා ළමයෙක් ලබුනමත් ගොඩක් අමාරුයි, නෝමල් ලැබෙද්දී ඒ වෙලාවට විතරයි අමාරු සීසර් කරලා ළමයෙක් ලැබුනම පස්සේ තමයි ගොඩක්ම අමාරු වෙන්නේ ඒ අත්දැකීම මම වින්ද නිසා මම දන්නවා, ඒක වචනයෙන් කියන්න බැරි තරම් අමාරුයි, දරුවා වඩාගන්නවත් බෑ ඒ තරමට අමාරුයි, මමනම් කියනේ නෝමල් දරුවෙක් ලැබුනත් සීසර් කලත් අම්මා අම්මයි කියලා”
දිනක්ෂි මේ වනවිට ඉතාම සුන්දර ජීවිතයක් ගත කරනවා ඉතින් ඇය ඇයගේ ඉතිහාසය ගැන කියන්නේ මේ වගේ කතාවක් ”මට ඒ කාලේ තිබ්බ ලොකුම හීනය තමයි අපි හැමෝටම ඉන්න පුළුවන් ගෙයක් හදාගන්න එක, ඒ වෙනුවෙන් මම විශාල කැපකිරීමක් කළා, මම ෆුල් ටයිම් වැඩ කළා, මට අවුරුදු විසි අටක් වෙනකන්ම අපි ජීවත් වුනේ කුලී ගෙවල්වල, අපිට කියලා ඉන්න තැනක් තිබ්බේ නෑ, මම අවුරුදු දහයක් කිසිම විවේකයක් ගන්නේ නැතුව වැඩ කළා, මම අවුරුදු දහයක් ගොඩක්ම මහන්සි උනා,
ඒ අවුරුදු දහයේ මම ට්‍රිප් එකක්වත් ගියේ නෑ, එහෙම මහන්සි වෙලා ලොකු කැපකිරීමක් කරලා තමයි මේ දේවල් ටිකෙන් ටික ගොඩනගා ගත්තේ, ඊටපස්සේ නංගිලා දෙන්නත් මගේ වැඩවලට උදවු කරන්න පටන් ගත්තා, 2017 වසරේදී තමයි අපි අපිටම කියලා ගෙයක් හදාගත්තේ, මේ හැමදෙයකටම ශක්තියක් වුනේ මගේ අම්මා, අද මම මගේ ජීවිතේ ගොඩක් ආදරෙන් විඳිනවා, මම ජීවිතේ විඳිනවා, මේ හැමදෙයක්ම ලඟාවුනේ මගේ කැපවීම නිසා,