මම දරුවා එක්ක තනිවුන අම්මා කෙනෙක් හිනාවෙලා හිටියට මම ඇතුලෙන් කෑගහලා අඬනවා

මේ දවස්වල ලංකාවේ කාගේත් අවදානය දිනාගෙන තියෙන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන පාරදිගේ ටෙලිනාට්‍ය. ඉතින් මේ නාට්‍යයේ කාගේත් අවදානය දිනාගත්ත චරිතයක් ඉන්නවා ඒ තමයි නානායක්කාර මැණික් මුදලාලි, මේ දවස්වලනම් ඩී ජේ නානා අයියා කියලා කිවුවම තමයි හැමෝම ඔහු හඳුනන්නේ, මේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න නානගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටියයි, අද අපි කතාකරන්න සූදානම් වෙන්නේ රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිය සමග,

රිද්මා දෙන්නම කාර්යබහුල වුනාම ගෙදර ජීවිතේ කොහොමද ගතවෙන්නේ..? ”මෙහෙමයි මම කොහොමත් වැඩිය කාර්යබහුල වෙන්නේ නෑ, දැන් මම වැඩිය රඟපාන්න යන්නෙත් නෑ ගෙදරම තමයි ඉන්නේ, මම කැමති ගොඩක්ම වෙලාවට ගෙදර ඉන්න, අවුරුද්දකට එකක් වුනත් මම බාරගන්නේ හොඳ නිර්මාණ විතරයි, හැබැයි දැන් නම් ගොඩක් කාලෙකින් නිර්මාණයකට සම්බන්ද වුනේ නෑ, ආරාධනාවක් ලැබුනත් සැමියාගෙන් අවසර අරගෙන තමයි මම ඒ නිර්මාණය බාරගන්නේ”

විවාහයෙන් පස්සේ ගෙදර වැඩ වෙන්නේ කොහොමද..? ගෙදර හැම වැඩක්ම වෙන්නේ මගේ අතින්ම තමයි, උදවුවට කෙනෙක් ගමු කියලා රොෂාන් අයියා නිතරමකියනවා, ඒත් මම කැමතියි මගේ අතින්ම අපේ ගෙදර වැඩ ඔක්කොම වෙනවනම්, ඒ නිසා කෑම හදන එක ගේ ඇස කරන එක වගේ හැම වැඩක්ම කරන්නේ මම, මම කෑම හදද්දී රොෂාන් අයියා ඇවිත් ලූනු ගෙඩියක් හරි සුද්ද කරලා මට උදවු කරනවා, ඉතින් අපි ගොඩක් සතුටෙන් සහයෝගයෙන් ඉන්නේ”

අම්මා කෙනෙක් වුනාට පස්සේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා කියන්නේ ඇත්තද..? ”ඔව් අද වෙනකන් මම මේ ගැන කිසිම වෙලාවක කියලා නෑ, අඩුම තරමේ මම මගේ යුටියුබ් චැනල් එකේවත් මේ ගැන කියලා නෑ, මම සතුටින් හිනාවෙලා හිටියට ඇතුලෙන් කෑගහලා අඬනවා, මගේ පින්තුර දකින කිසිම කෙනෙක් හිතන්නේ නෑ මට ඩීප්‍රේෂන් කියලා, ඇත්තම කියනවනම් මම තනිවුන අම්මා කෙනෙක් මම උපරිම විශාද තත්වයට ආවා, මට හිටියේ හස්බන්ඩ් විතරයි, මට කිසිම කෙනෙක් උදව්වට හිටියේ නෑ,

දරුවා නාවන්නේ කොහොමද, කවන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ, දරුවා හදාගන්නේ කොහොමද කියලා මම ගොඩක් බය වුනා, මම ගූගල් කරලා එකෙන් ඉගනගෙන තමයි බබා බලාගත්තේ, ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා තමයි ගොඩක් දේවල් ඉගන ගත්තේ, ගොඩක් පිරිමි කියනවා ළමයි ලැබුනම අම්මලා වෙනස්වෙනවා කියලා, ඒකට හේතුව තමයි මේ විශාදය, හැබැයි මම දැන් ඒකට මුහුණ දීලා දිනලා ඉන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *