අද වනවිට අපේ කළා ක්ෂේත්රයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත් වුන රංගන ශිල්පිනියක් තමයි නිම්හාරා සසින්දි සේනානායක කියන්නේ, දක්ෂතාවය වගේම ඇයගේ සුන්දරත්වය නිසාම හැමෝම ඇයට ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නිම්හාරා සමග, නිම්හාරා මොකද වෙන්නේ මේ දවස්වල ”මම රංගනයෙන් දායක වුන ‘සිහින අනන්තේ’ ෆිම් එකේ ෂූටින් ඉවර වුනා, ඒ වගේම ඒ ෆිල්ම් එකේ විශේෂ දැක්මක් පහුගිය මාසයේ 09 වනදා පැවැත්වුනා, ඒ වගේම මම බාරගත්ත තව නිර්මාණයක් තියෙනවා, ඒකේ වැඩත් කරන ගමන් පුරුදු විදියට මොඩ්ලින් වැඩ ටිකත් කරගෙන ඉන්නවා”
ෆිල්ම් එකෙක් ෂූට් කරද්දී අමතක නොවෙන සිදුවීම් එහෙම වෙලා ඇති ඉතින් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක්, ”ඇත්තම කියනවනම් තියෙන ඔක්කොම අත්දැකීම් අමතක නොවෙන අත්දැකීම් තමයි, විශේෂම දේ තමයි මම රෑ හතේ ඉඳන් උදේ හය වෙනකන්ම්ම වැස්සේ නාපු එක, ෆිල්ම් එක ෂූට් කලේ රිවස්ටන්වල ඉතින් ඒ සීතලත් එක්ක සීතල වතුරේ තෙමෙනවා කියන්නේ ජීවිතේට අමතක වෙන්නේ නැති දෙයක්,”
නිම්හාරා දැන් පෙම්වතියක් කියලා අපිට දැනගන්න ලැබුනා ඉතින් කියන්නකෝ බලන්න ඔයාගේ ආදරේ ගැන ”ඔව් මම දැන් ආදරවන්තියක්, අපේ ආදරේ ගොඩක්ම සුන්දරයි එයා ඔයාලා හැමෝම ගොඩක්ම හොඳින්ම දන්නා ගායකයෙක්, අපි දෙන්නා ගොඩක් ආදරේ අපේ ජීවිත ඉදිරියට අරගෙන යනවා, හැබැයි අපි දැම්ම විවාහ වෙනවද කියන එක තාම තීරණය කරලා නෑ, තව ටික කාලයක් ආදරේ කරලම විවාහ වෙනවා කියලයි අපි දෙන්නා හිතාගෙන ඉන්නේ,”
නිම්හාරා ඇත්තටම ආදරේ දකින්නේ කොහොමද ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද..? ”මම දකින විදියට ආදරය කියන්නේ හරිම කෙනා ලැබුනම හරිම සුන්දර දෙයක්, මොකද අපි අපේ ජීවිතේට තෝරාගන්නා සහකරු මත තමයි අපේ ජීවිතය වගේම අපේ මානසික සතුට තියෙන්නේ, ඉතින් හරිම කෙනා හමුවුනාම ජීවිතේ හරිම සුන්දරයි, මම වැඩියෙන්ම ආදරෙදී බලාපොරොත්තු වෙන්නේ ආදරය කරන කෙනා දුකේදී සැපේදී වගේම හැම වෙලාවේම මගේ ලඟින් ඉන්න එකට, ඒ වගේම මාව කොඩක් කෙයා කරන එකට”
ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද..? ”මම එහෙම ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි, මම දැනට ටික කාලයකට කලින් ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාව සහ උපාධිය කම්ප්ලීට් කළා, අම්මයි තාත්තයි මට නිතරම කිවුවේ මේ ක්ෂේත්රයේ ඉස්සරහට යනවා වගේම අධ්‍යාපනය සාර්ථක කරගන්න කියලා, ඉතින් මම ඒ දේවල් හරියට කරගෙන හොඳ නිර්මාණ තෝරාගෙන රංගනය පැත්තෙන් ඉස්සරහට යන එක තමයි එකම බලාපොරොත්තුව,”