මට කලින් සල්ලිකාර කොල්ලෝ තුනක් හිටියා, අම්මට වෙච්ච දේ දැක්කම ලවු කරන්න බය හිතුනා මම දැන් තනිකඩයි

අපේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් තමයි කේ. සුජීවා කියන්නේ කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙන කේ. සුජීවා වගේම මේ වනවිට සුජීවාගේ ආදරණීය ලොකු දුව අංජලීත් ගොඩක්ම ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන කේ. සුජීවාගේ දියණිය අංජලී සමග, අංජලී ඔයාගේ පලවෙනි මෑෂප් එක ජනතාව අතරට ගියපු කාලය මතකයි ද..? මම මගේ අධ්‍යාපන වැඩ ඉවර කරලා ලංකාවට ආවේ 2017 අවුරුද්දේ, ඒ ආව ගමන්ම වගේ තමයි මම ඒ මෑෂප් එක කලේ, ඇත්තම කියනවනම් හිට් වෙන්න බලාගෙන නෙවෙයි මම ජොලියට කරපු වැඩක් ඒක, හැබැයි හිතුවේ නැති විදියට ඒක ජනප්‍රිය වුනා, ඒ එක්කම තමයි හැමෝම දැනගත්තේ අන්ජලී කියන්නේ සුජීවගේ දුව කියලා”

අංජලී ගොඩක් කල් හිටියේ ඉන්දියාවේ ඉතින් කොහොමද පවුලේ අය නැතුව ඒ ගෙවපු ජීවිතය, ”මම පවුලෙන් ඈත්වෙලා ජීවත් වුන ඒ කාලයේ ගොඩක් දේවල් ඉගන ගත්තා, මම හැමදේම තනියම කරගන්න ඉගන ගත්තා, උයන්න ජොබ් කරන්න වගේ හැම දෙයක්ම ඉගනගත්තා කොහොමත් අපේ අම්මා මට නීතී මොකවත් දාලා තිබ්බේ නෑ, ඒ නිසා එයා මට කියලා තිබ්බේ ඕනෑම දෙයක් කරන්න කියලා, මගේ හයිය අම්මා ඉතින් මම ඒ කාලයේ ජීවිතේ ගැන ගොඩාක් දේවල් ඉගනගත්තා, ඇත්තටම ගොඩක් සුන්දර කාලයක් ඒක,”

ඇත්තද අංජලී කොල්ලෝ කරන බිස්නස් එකක් කරනවා කියන්නේ..? ”ඒක මෙහෙමයි මම ගොඩක්ම ආසයි වාහන වලට විශේෂයෙන්ම සපෝර්ට් කාර් වලට, ඉතින් මම ඒවාට ආසයි කියලා දන්නා නිසා අම්මා කිවුවා නිකම්ම ඉන්න එකේ විකුනන්න තියෙන වාහන අරගෙන ඒවා මොඩිෆයි කරලා ආයේ විකුනන්න කියලා, ඊටපස්සේ තමයි මට හිතුනේ සපෝර්ට් කාර් පැත්තට යන්න ඉතින් මම ඒ වැඩේ පටන් ගත්තා, මේන්ටේන් කරන්නේ නැතුව ඔහේ පැත්තකට දාලා තියෙන වාහන අරගෙන රෙපයාර් කරලා මොඩිෆයි කරලා ආයේ විකුනනවා, කාර් පිස්සුවක් තියෙන නිසා තමයි මේ දේ පටන් ගත්තේ”

කළා පවුල් අතරින් වැඩියෙන්ම කට කතා හැදෙන පවුල් කිහිපයෙන් එකක් තමයි ඔයාගේ පවුල, ඔබේ නංගි ඉන්නේ පාසල් යන වයසේ ඉතින් එයාට ඒක මානසික ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද..? ”අපේ ගෙදර ඉන්න සංවේදීම දෙන්නා තමයි මමයි අම්මයි, අපි දෙන්නට බොහොම පොඩි දෙයක් වුනත් ඇති හිත රිදවගන්න, හැබැයි නංගි එහෙම නෑ එයා කවුරු මොනවා කිවුවත් ෆන් එකේ ඉන්නවා, එයා අපිට වඩා හැම අතින්ම ශක්තිමත්, ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි අපි දුකෙන් ඉද්දී එයා තමය අපිවත් ශේප් කරන්නේ”

අපි දන්නවා ඔබගේ මව විවාහයෙන් වගේම ආදර සම්බන්දතා කිහිපයකින්ම පරාජය වෙලා ඉන්නේ, ඉතින් ඒ දේවල් දකිද්දී ඔයාට ආදරේ කරන්න බය හිතෙන්නේ නැද්ද..? ”මටත් රිලේෂන්ෂිප් තුනක් තිබිලා තියෙනවා, අපේ අම්මට හොරෙන් ලවු කරන්න බෑ එයාට අහුවෙනවා, ආදරේ කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක් විදියටයි මට හිතෙන්නේ, අනේ මන්දා අම්මට වෙච්ච දේ දැක්කම මට ආදරේ කරන්න බයයි, දීර්ඝ කාලයක් බැඳීම් පවත්වාගෙන යන්න අවබෝධය ඕන කියලයි මම හිතන්නේ, මම දැන් තනිකඩයි, බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *