කෝලම් කුට්ටම කියන්නේ මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක්, ඉතින් මේ නාට්‍යය හරහා ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න කාවින්ද්‍යා දුල්ෂානි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, කාවින්ද්‍යා දැන් මැස්සා නාට්‍යයේ සහ කෝළංකුට්ටම කියන නාට්‍ය දෙකේම රංගන දායකත්වය ලබා දෙනවා, ඉතින් අපිට කියන්නකෝ වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ මොන නාට්‍යන්ද කියලා, ”මෙහෙමයි එහෙම හරියටම කියන්න බෑ, ඒ නාට්‍ය දෙකටම වෙන වෙනම ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා, මට හිතෙන්නේ දෙකම එක වගේ ජනප්‍රියයි,”
කෝළංකුට්ටම නාට්‍යයේදී ඔයා විශාල අනතුරකට මුහුණ දෙන්න වුනා නේද..? ”ඔව් එක දවසක් මාර වැඩක් වුනේ, චමීර අයියා දවසක් ඇවිත් කිවුවා එයාලා ගියපු ඔරුව පෙරලුනා ඔයාටත් එහෙම උනානම් මරු කියලා, ඊට පස්සේ දවසේ මට ෂූටින් තිබ්බා, ඒ ෂූටින් තිබ්බෙත් මාදු ගඟේ, අපිට තිබ්බ ඔරුව දෙන්නෙක්ට යන්න තිබ්බ ඔරුවක් හැබැයි අපි තුන්දෙනෙක් ගියා, ඒ මමයි චමීර අයියයි මෞලි අයියයි, එදා කිවුව දේ ඇත්ත වෙලා ඔරුව එකපාරම පෙරලුනා, මට පීනන්න පුළුවන් නිසා මම බයවුණේ නෑ, හැබැයි අවාසනාවට මගේ කකුල ඔරුවේ හිරවුනා, මගේ ඔලුව වතුරයට තිබ්බේ, ළඟ හිටපු අයියා තමයි ඒ වෙලාවේ මාව බේරාගත්තේ”
ගොඩක් රංගන ශිල්පිනියන්ට ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි ගොඩක් එනවා, ඉතින් කොහොමද ඒවාට මුහුණ දෙන්නේ ”මෙහෙමයි ජනප්‍රිය වෙද්දී එහෙම වෙනවා කොහොමත් මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් අය එහෙමයි හොඳට හිනාවෙලා කතා කරලා හිටියට හදවතින් එහෙම නෑ, කවුරු මොනවා කිවුවත් මම ඒවා ගැන හිතන්නේ නෑ, මම පුළුවන් තරම් හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න උත්සහ කරනවා එහෙම බැරිනම් මම නිහඬ වෙනවා, මම ගොඩක් ශක්තිමත් කෙල්ලෙක්, මාව වට්ටන්න ටිකක් අමාරුයි”
ඔයා ටැටූවලට ගොඩක් ආසයි නේද..? ”ඇත්තටම ඕවූ මම ටැටූ වලට ගොඩක්ම ආසයි, ඒක ගොඩක් සුන්දර කලාවක්, හැබැයි මගේ වෘත්තිය වෙලා තියෙන රංගනය නිසා මට ගොඩක් ටැටූ කරන්න බෑ, ඉතින් මම සීමාවක් ඇතුව වැඩිය පෙන්නේ නැති තැන්වල තමයි ටැටූ කරලා තියෙන්නේ, කොහොම වුනත් දැනට මම ටැටූ හතරක් කරලා තියෙනවා, ඒ වගේම තව එක ආට් එකක් කරන්න ආසාවෙන් ඉන්නේ”