සිරස නාලිකාවේ පැවැත්වුන The Voice Teens Sri Lanka වැඩසටහන හරහා කරලියට ආව දක්ෂ ගායිකාවක් තමයි Hana shafa කියන්නේ, හනා ගැන හැමෝම මෑත කාලයේ කතාවෙන්න පටන්ගත්තේ ‘මල් ඔන්චිල්ලා’ ගීතය නිසා, මේ වෙද්දී හනා ගායනා කරපු ‘මල් ඔන්චිල්ලා’ ගීතය නැරඹුම් වාර මිලියන දෙකත් ඉක්මවලා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හනා සමග, හනා මල් ඔන්ච්චිල්ලා ගීතය ගොඩක් ජනප්‍රිය වුනා නේද..? ”ඇත්තටම සතුටයි, මමත් ගොඩක්ම ආසාවෙන් කරපු වැඩක් තමයි මේ ගීතය, හැබැයි මම හිතුවා මේ ගීතය ගොඩක් ජනප්‍රිය වේවි කියලා, ඒ වගේම මේ ගීතයට මිනිස්සු ආදරේ කරාවි කියලා මම හිතුවා”
ඔයාගේ සින්දුවේ විෂුවල් එකට සචින් ලියනගේ සම්බන්ද කරගත්තේ මේ වීඩියෝව හිට් කරගන්න ඕන ඉසාද..? ”එහෙම නෙවෙයි සචින් අයියා කියන්නේ ගොඩක් දක්ෂ ජනප්‍රිය චරිතයක්, ඒ වගේම තමයි පුවනී අක්කවත් මතක් කරන්නම ඕනෑ, අපේ සන්දේශ් අයියත් ගොඩක් මතක් කරන්න ඕන, මේ හැමෝම මගේ නිර්මාණයට සම්බන්ද කරගත්තේ ඒ අය නිසා සින්දුව හිට්කරගන්න හිතාගෙන නෙවෙයි, ඒ අය ඒකට ගොඩක් දක්ෂ නිසා, ඒ දක්ෂතාවයත් නිර්මාණය ජනප්‍රිය වෙන්න ගොඩක් බලපෑවා”
සාමාන්‍යයෙන් මේ ඔබේ ගායන ශෛලිය නෙමෙයි නේද, මොකද මේ වෙනසක්…? ”ඔව් අනිවාර්යෙන්ම, ඔය ප්‍රශ්නේ මගෙන් ගොඩක් අය අහනවා, මම මේ ගීතය තෝරාගන්න ප්‍රධානම හේතුව තමයි ඇත්තටම මම පෞද්ගලිකවම මේ ගීතයේ රසිකයෙක්. ඒ නිසයි මේ ගීතය මම තෝරාගත්තේ, මට ඕන වුනේ ඒ ගීතයට මගේ උපරිමය ලබා දෙන්න, ඉතින් මම මේ ගීතය තේරුම් ගත්තා”
හනා ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු එහෙම කොහොමද ”මට ගොඩක්ම බිසී කාලයක් මේක, සංගීත වැඩ ගොඩක් තියෙනවා, ඒ වගේම මගේ අලුත්ම ගීතයක් ළඟදීම එළිදක්වන්න හිතාගෙන ඉන්නේ, දැන් ඒ ගීතයේ ගොඩක් වැඩ ඉවරයි තව පොඩි පොඩි වැඩ ටිකක් විතරයි තියෙන්නේ ඉතින් ඒ වැඩ එක්ක මම ගොඩක්ම බිසීවෙලා ඉන්නේ,
හනාගේ වැඩ වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද..? මට ගෙදරින් තමයි ලොකුම හෙල්ප් එක ලැබෙන්නේ, විශේෂයෙන්ම මගේ අම්මා, මගේ වැඩ සහ මගෙත් එක්ක නිතරම ඉන්නේ මගේ අම්මා, මට දැන් ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා ඒ වගේම පිටරට ෂෝ කිහිපයක්ම ඇවිත් තියෙනවා ඉතින් ඒ ශෝවලට ළඟදීම මම විදේශගත වෙනවා, මගේ හැම දේකටම ලොකුම හයිය වෙලා තියෙන්නේ මගේ අම්මා, මගේ හෙවනැල්ල වගේ මගේ හැමදේටම ඉන්නේ අම්මා ඉතින් මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ අම්මව අම්මව තමයි මේ තැන දක්වා මාව උස්සලා තිබ්බේ”