දිමංක වෙල්ලාගේ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක්, ඕනෑම පරාසයක ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන දිමංක ට ලංකාවේ අය ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිමංක සමග. දිමංක ගොඩක් අය ඔයාට කියන්නේ අඬන සින්දු කියන දිමංක කියලා නේද..? ”ඔව් එහෙම කියන අයත් ඉන්නවා, හැබැයි මට ඕනෑම පරාසයක සින්දු කියන්න පුළුවන් කියලා විශ්වාස කරන අයත් ඉන්නවා, එක එක කතා නිසාම මම ඉදිරියේදී වෙනස්ම වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා, වගේම ලොකු කොන්සට් එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා”
දැන් ප්‍රසංගවලට ආරාධනා එනවා අඩුයි නේද..? ”නැහැ මටනම් එහෙම ප්‍රශ්නයක් නෑ, එදා වගේම මට ආරාධනා එනවා, මගේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ ඒ නිසා, හරියටම කියනවනම් මගේ ආදරණීය රසිකයන්ට පින්සිදුවෙන්න තමයි මම මෙහෙම ඉන්නේ, මම ළඟදී ෂෝ එකකට ඔසී ගියා, ලබන අවුරුද්දේ එංගලන්තයට යනවා, ඒ වගේම කොරියා ඩුබායි මට අඩුවක් නැතුව ලැබෙනවා, ඉතින් ස්තුතියි මට ලැබෙන මේ ආදරයට”
ඒ කියන්නේ ඉස්සර හිටියට වඩා දිමංක දැන් සැපේ ඉන්නවා කියලද..? ”ඇත්තටම ඔව්, මට ඉස්සර බස් එකේ යන්නවත් අතේ සල්ලි තිබ්බේ නෑ, දෙයියනේ කියලා දැන් එහෙම ප්‍රශ්න නෑ, මට හරිම නිහතමානී සතුටක් තියෙන්නේ ඒ ගැන, ඇත්තටම මම ඉස්සර හිටියට වඩා දැන් සැපට ඉන්නවා, මට ඕන හැම දේම ගන්න මට දැන් සල්ලි තියෙනවා, හැබැයි මම මුල අමතක කරලා නෑ, මම මට පුළුවන් උපරිමෙන් නැතිබැරි අයට උදවු කරනවා, හැබැයි මම ඒවා ප්‍රසිද්ධ කරන්නේ නෑ, මට එහෙම ජනප්‍රියත්වයක් ඕන නෑ, මට මගේ තියෙන ජනප්‍රියත්වය ඇති”
සල්ලි නැති කාලේ කොහොමද දවස කවර කරගත්තේ ”මගේ පෙම්වතිය තමයි ඒ කාලේ මට සල්ලි දුන්නේ, එයාගේ නම චින්තියා සීන්ස්, බර්ගර් ජාතික කෙනෙක්, එයාගේ ෆස්ට් ලවු එක තමයි මම, මගේ දෙවෙනි පෙම්වතිය තමයි එයා, අපි යාලුවෙද්දී එයාට වයස 18යි මට 19යි, එයා නැටුම් ප්‍රැක්ටිස් යන්න එන්නේ මම යන බස් එකටමයි, ඒ වෙලාවක තමයි මට හිතගියේ, එයා එන්නේ යාලුවෙක් එක්ක, එයා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි නිහඬව ඉන්න කෙනෙක් මම පස්සෙන් ගිහින් තමයි යාලු කරගත්තේ, බස් ටිකට් එකේ බම්බර් එක ලියලා එයාට ලියලා දුන්නේ,”
දැන් ඔබ ජනප්‍රිය තරුවක් ඉතින් බිරිඳ ඉද්දී වෙනත් ආදර කතා එහෙම තිබිලා නැද්ද..? ”අපි හිතමුකෝ නිකමට මගේ බිරිඳ මේ ලෝකෙම දාලා ගියා කියලා, ඒත් මම කිසිම කාන්තාවකට ආදරේ කරන්නේ නෑ, එයා මට ගොඩක් හොඳ බිරිඳක්, ඇත්තම කියනවනම් මම ගොඩක් මුරණ්ඩු චරිතයක්, පොඩි කාලේ ඉඳන්ම එහෙමයි, මාත් එක්ක වෙන කිසිම කෙනෙක්ට ජීවත් වෙන්න බෑ, එයාට විතරයි පුළුවන් මාව කොන්ට්‍රෝල් කරන්න, මම හැදුනේ එයා නිසා, මම වැරැදි වැඩ කරපු කෙනෙක් හැබැයි ඇය සියල්ල නිහඬව විඳ දරාගත්තා, එයාව දැන දැනම රිදවලා තියෙනවා, දැන් හිතෙනවා ඇයි මම එහෙම කලේ කියලා”