ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත කළාකරුවෙක් වෙන්න රංගන ශිල්පිනියන්ට ලැබෙන්නේ බොහොම කළාතුරකින්, ඉතින් ඒ විදියට කළා ලෝකයේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ, රංගන ශිල්පිනියක වගේම මේ වෙද්දී ටෙලි නාට්‍ය නිෂ්පාදයනයටත් සම්බන්ද වෙලා ඉන්න නදීෂා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, නදීෂා කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වලනම් කියන්න තරම් විශේෂ වැඩක් නෑ, Stargazer කියලා කොන්සට් එකක් තියෙනවා, ඉතින් මේ දවස්වලට ඒකේ වැඩ වලට සම්බන්ද වෙනවා, කාලෙකට පස්සේ තමයි මම නර්ථනයට සම්බන්ද වෙලා ඉන්නේ, ඒ වගේම මම දැන් මගේම කියලා බිස්නස් එකක් පටන්ගන්න සූදානම් වෙලා ඉන්නේ”
පහුගිය කාලයේ නදීෂා වැඩිය පේන්න හිටියේ නෑ නේද..? ”එදා ඉඳලම මම නිර්මාණවලට සම්බන්ධ වුනේ ටිකක් තෝරලා බේරලා, එහෙමයි කියලා වෙනසක් නෑ, තාමත් මම එහෙමම තමයි, මේ දවස්වල නිර්මාණ වලට සම්බන්ද වෙද්දී මේ තියෙන විදියත් එක්ක මම සෑහීමකට පත්වෙන්නේ නෑ, දැන් තියෙන පිළිවෙල ඉස්සර විදියට වඩා ගොඩක් වෙනස්වෙලා තියෙන්නේ, මට ඒ විදියට වැඩ කරන්න ගොඩක් අමාරුයි, ඉතින් මම සම්බන්ද වෙන්නේ මම කැමති නිර්මාණවලට විතරයි”
නදීෂා කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ..? ”මම හැදුනේ දකුණු පළාතේ, මම දකුණේ කෙල්ලෙක්, හැබැයි පස්සේ පදිංචියට කොළඹ අවා, නිලියක් වෙන්න හීනය මගේ හිතේ පුංචි කාලේ ඉඳලම තිබ්බ එකක්, හැබැයි මම ඒ හීනේ හංගගෙන හිටියා, මොකද නිලියෙක් වෙන්න ආසයි කියලා කිවුවම සමහර අය හිනාවෙනවා නේ, පුංචි කාලේ ඉඳලා දජපු හීනයක් තමයි මේ සැබෑ වෙලා තියෙන්නේ”
කළා ජීවිතේ අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවා ඇති නේද ”කළා ලෝකයේ සිදුවීම් නම් හැම එකක්ම මට අමතක නොවෙන සිදුවීම් තමා, කළා ලෝකය කියන්නේ මගේ මතකවලට අලුත් දේවල් ගොඩක් එකතුකරපු තැනක්, කලාව කියන්නේ ආසාවෙන් ආදරෙන් වැළඳ ගත්ත තැනක්, ඒක මට ආබරණයක්, මොකද මගේ ජීවිතේ මේ ලැබිලා තියෙන හැමදෙයක්ම ලැබුනේ කලාව නිසා, හිතින් විශේෂ සිදුවීම් නෑ මට හැම දෙයක්ම විශේෂයි”