දැන් මම හම්බ කරන සල්ලිවලින් 60%ක් දෙන්නේ සමාජ සේවා වැඩ වලට – මිෂෙල් දිල්හාරා

මේ දවස්වල ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන ටෙලිනාට්‍යක් තමයි කාසි කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගන්න සමවත්වුන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ, රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම වගේම සමාජ සේවිකාවක විදියටත් ඇය හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඉතින් කාලෙන් කාලෙට ප්‍රේක්ෂක හදවත්වලට සමීපවෙන චරිත හරහා ඔබේ හදවතට සමීප වෙන මිෂෙල් දිල්හාරා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ,

මිෂෙල් මේක හැමෝටම ගොඩක් අමාරු කාලයක් ඉතින් ජාත්‍යන්තර සම්බන්දතා තියෙන රංගන ශිල්පිනියක් විදියට ලංකාවෙන් ගිහින් සැපට ජීවත් වෙන්න අදහසක් නැද්ද..? ”මෙහෙමයි මට ඕනෑම වෙලාවක ලංකාවෙන් යන්න පුළුන් හැබැයි මම හැමදාම් ආසා කෙළේ අභියෝගවලට, මේ පවතින තත්වය එක්ක හැමෝටම ගොඩක් අමාරුයි තමයි, හැබැයි අපි හැමෝම එකතු වුනොත් මේ අමාරු තත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා, ඉස්සරහටත් මම මට පුළුවන් විදියට ජනතාවට උදවු කරනවා”

මිෂෙල් කියන්නේ චරිත තෝරාගෙන රඟපාන රංගන ශිල්පිනියක්ද..? ”මෙහෙමයි මම නිතරම උත්සහ කරන්නේ මට ප්ලේ කරන්න පුළුවන් චරිතයක් තෝරාගෙන කරන්න, සමාජයට පණිවුඩයක් දෙන චරිතයක් කරන්න, හැබැයි මට ලැබෙන ඒත් මට ගැලපෙන්නේ නෑ කියලා හිතෙන චරිත මම කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා, මොකද මගේ හිතට එකඟව කරන්න පුළුවන් චරිත විතරයි මම බාරගන්නේ, මම මම කැමති දේ කරන කෙනෙක්,”

ඔයා එදා දැක්කා වගේම අදත් ගොඩක් සුන්දරයි, ඉතින් කොහොමද පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව ඔය සුන්දර පෙනුම ඔය විදියටම පවත්වාගෙන යන්නේ, ”මම හිතන්නේ මේ පෙනුම සහ සිරුරේ හැඩය තියෙන්නේ මම ක්‍රීඩා කරන නිසා වෙන්න ඇති, මම කරාටේ ක්‍රීඩාවට සම්බන්ද වෙන්නේ පාසල හතර වසරේදී, ආත්ම ආරක්ෂක සටන් කලාව කියන්න ඉතාම හොඳ දෙයක්, මම දැන් කළුපටි දෙවෙනි ශ්‍රේණිය දක්වා හදාරලා තියෙනවා ඒ වගේම මම තාමත් ඒ ක්‍රීඩාව හදාරනවා දිනපතා පුහුණු වෙනවා,”

රංගනයෙන් ලැබෙන මුදල් ඇතිද ඔබට ජීවත් වෙන්න, ”මම හැම දෙයක්ම කළමනාකරණය කරගන්නවා, මම මට ලැබෙන මුදල්වලින් 60%ක්ම යොදවන්නේ සමාජ සේවා වැඩ වලට, ඇත්තම කියනවනම් මම ගොඩක්ම කැමැත්තෙන් තමයි ඒ වැඩ කරන්නේ, අපිට කලාතුරකින් ලැබුන මේ මනුෂ්‍ය ආත්මයෙන් උපරිම සාදාරණයක් කරන්න ඕන අපි මේ ලෝකෙට ඇවිත් කාලා බීලා සතුටුවෙලා යන එක නෙවෙයි ජීවිතේ කියන්නේ, මගෙන් මේ සමාජයට වෙන්න ඕන දේ කරලා රටට ණයක් නැති කෙනෙක් වෙන්නයි මට ඕන,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *