මල්ලිලාගෙන් බේරෙන්න බෑ ඒ නිසා මම මල්ලිලාට සැරයි – විනුකි දිනායා

මේ දිනවල ලංකාවේ හැමෝම අතර අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘ඇස්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලි නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි විනුකි දිනායා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක වන විනුකි සමග, විනූ කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක්, ”මගේ නම විනුකි දිනායා, හැබැයි මම පාවිච්චි කරන්නේ විනූ දිනායා කියලා, මොකද මගේ යාළුවො වගේම මට පොඩිකාලේ ඉඳන්ම හැමෝම කතා කලේ විනූ කියලා, මම රංගන ශේත්‍රයට ආදුනිකයෙක්, ඒ වගේම රංගනය ගැන ඉගන ගන්න කෙනෙක්, ඒ වගේම මම උසස්පෙළට සුදානම් වෙනවා,

මගේ තාත්තා කුරුනෑගල, අම්මා රාජගිරියේ, දැන් අපි පදිංචි වෙලා ඉන්නේ කොළඹ, අපේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි, මල්ලිලා දෙන්නයි, ඒ වගේම තව පුංචි බලු පැටියෙක් ඉන්නවා, එයත් ඉතින් අපේ පවුලේම කෙනෙක් තමයි, මගේ තාත්තා සහ අම්මා ගුවන් හමුදාවේ සේවය කරන්නේ, මම රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් ආසයි ඒ වගේම මම ගුරුවරියක් වෙන්නත් ආසයි, තවම තීරණය කරලා නෑ මම මොනවද කරන්නේ කියලා, මොනවා කරන්නත් උසස්පෙළ ලියලා ඉන්න ඕන නේ”

විනූ කොහොමද රංගනයට සම්බන්ද වෙන්නේ..? එක ඇත්තටම අහම්බයක්, මගේ යාලුවෙක් හරහා තමයි මට දැන්වීමක රඟපාන්න අවස්තාව ලැබුනේ, හැබැයි ඒ වෙද්දී මම මේ ෆීල්ඩ් එක ගැන මොකවත් දැනගෙන හිටියේ නෑ, මම ස්ක්‍රීන් ටෙස්ට් එකකට සම්බන්ද වුනා, ඒකෙන් සමත්වෙලා කියලා මට දන්වලා එවලා තිබ්බා, ඊටපස්සේ මට මියුසික් වීඩියෝ වලට ආරාධනා ලැබුනා, ඊට පස්සේ තමයි මට හිතුවක්කාර ටෙලිනාට්‍යට ආරාධනා ලැබුනේ, ඊටපස්සේ මේ නාට්‍ය ලැබුනා”

විනූ කියන්නේ කොයිවගේ කෙනෙක්ද..? ”මෙහෙමයි මම නපුරු නෑ, හැබැයි සමහර වෙලාවට මම ටිකක් සැරයි, වැඩියෙන්ම සැර වෙන්නේ මල්ලිලාට, මොකද එයාලගෙන් බේරෙන්න බෑ, හැබැයි ඉතින් එහෙම නැත්තන් මම මගේ පාඩුවේ ඉන්න පොත් කියවන්න, පාඩම් කරන්න, බලු පැටියා හුරතල් කරන්න කවි ලියන්න, වගේම නිදහසේ ඉන්න ගොඩක් කැමති කෙනෙක්,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *