අපේ සම්බන්දය ගැන අම්මට කිවුවේ මාරම බයෙන්, දැන් අම්මට හසිනි නැතුවම බෑ – දෙව්නක

දෙව්නක පෝරගේ කියන්නේ මේ වනවිට ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක්, බොහොම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් දෙවනක ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම ජනප්‍රිය වුනේ සිරස නාලිකාවේ විකාශනයවන හිත ළඟ හිනැහුනා ටෙලිනාට්‍ය හරහායි, ඒ වගේම දෙවුනකගේ ආදර වන්තිය නිසාත් හැමෝම මේ යුවල ගැන ගතාවෙන්න පටන් ගත්තා, දෙව්නකගේ ආදරවන්තිය තමයි හසිනි වෑදණ්ඩ, ඇය සංගීතේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කෙටි කාලයකින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දෙව්නක සමග, සහ ඔහුගේ ආදරණීය බිරිඳ හසිනි වෑදණ්ඩ සමග,

දෙව්නක ඔයා හදිස්සියේම හිත ළඟ හිනැහුනා නාට්‍යයෙන් ඉවත්වෙනවා, මොකද්ද ඒකට හේතුව ”ඒක මමත් බලාපොරොත්තු නොවුන දෙයක්, මට මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මට කාලය ඕන වුනා, මම මගේ ශාත්‍රවේදී උපාදිය නිසා තමයි මම ඒ නාට්‍යයෙන් ඉවත් වෙන්න වුනේ, ඒ වගේම මම මේ වනවිට නීති අංශයේ උපාධිධාරියෙක්,”

දෙව්නකගේ ආදරණීය බිරිඳ හසිනි, කියන්නකෝ ක්‍ෂේත්‍රයට ආව විදිය ගැන විස්තර ටිකක් ”මම සංගීත ක්‍ෂේත්‍රයට ආවේ පුංචි කාලෙමයි, මොන්ටිසෝරි යන කාලයේ ඉඳලම සංගීතයට ගොඩක් ආසයි, ඉස්සර සංගීත වැඩ සටහන්වලට තාත්තා තමයි මාව එක්කගෙන යන්නේ, පස්සේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට හැබැයි මට මගදී ඉවත් වෙන්න වුනා, පස්සේ දෙරණ නාලිකාවේ සංගීතේ නාට්‍යට සම්බන්ද වෙන්න මට අවස්තාව ලැබුනා, සංගීතේ නාට්‍ය තමයි මාව රංගන ශිල්පිනියක් කලේ”

දෙවුනක ඇයි හසිනිව තෝරාගත්තේ ”ඒක වුනේ කොහොමද කියන්න මම හරියටම දන්නේ නෑ, ඒක හදවතේ තියෙන දෙයක්, මම ආදරේ ගොඩක් හෙව්වකෙනෙක්, ඒ වගේම මම කවදා හරි මගේ බිරිඳ වෙන්න ඕන කෙනා ළඟ තියෙන්න ඕන ගුණාංග ගැන හිතුවා, අපේ අම්මට තාත්තට ගරු කරන, මම වගේම එයාලට සමීප කෙනෙක් තමයි මට ඕන වුනේ, හසිනි හමුවුණාට පස්සේ මගේ ඒ හීනය සැබෑ වුනා”

දෙව්නක දෙන්නා යාලු වුනාට පස්සේ මොකද වුනේ..? ”එක ඇත්තටම හරිම සුන්දර අවස්ථාවක්, මොකද මේ දේවල් වලදී අපේ අම්මා හරිම සූක්ෂමව බලන කෙනෙක්, ඒ නිසා අපි අපේ සම්බන්දය ගැන අම්මාට කිවුවේ හරිම බයෙන්, අම්මට කියන්න කලින් මේ සම්බන්දය ගැන අපි කිවුවේ අපේ තාත්තට, තාත්තා කිවුවා කලබල වෙන්න් නැතුව ටිකක් ආශ්‍රය කරලා බලන්න කියලා, ඉතින් අපි කාලයක් ආශ්‍රය කළා, ඊටපස්සේ හසිනි කිවුවා අපි දැන් අම්මට කියමු නේද කියලා, ඒත් මම බයෙන් හිටියේ, පස්සේ මම අම්මට කිවුවා අම්මේ මට කෙල්ලෙක් ඉන්නවා කියලා, දැන් අපේ අම්මට හසිනි නැතුවම බෑ, මට වඩා එයා ආදරේ හසිනිට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *