වර්තමානයේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම තරුණ ආකර්ෂණයක් දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ, ටීවී දෙරණ නාලිකාවේ විකාශනයවන දෙවෙනි ඉනිම නිර්මාණය හරහා කලාවට සම්බන්ද වුන නෙත්මි මේ වනවිට නොදන්නා කෙනෙක් නොමැති තරමටම ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන නෙත්මි රොෂෙල් සමග,
නෙත්මි මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්නේ ‘ආදරණීය ප්‍රාර්ථනා’ කියන සිනමාපටය නිසා, ඉතින් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් ” ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ මගේ පළවෙනිම සිනමා අත්දැකීම, ඒ සිනමාපටය පහුගිය නොවැම්බර් මාසයේ ඉඳලාතිරගත වෙන්න පටන් ගත්තා, මේ දවස්වල ඉතින් මගේ වැඩිම කාලයක් යොදවලා තියෙන්නේ ඒ ෆිල්ම් එකේ ප්‍රවර්ධන වැඩ වලට, ඇත්තම කියනවනම් මේ ෆිල්ම් එක තිරගතවෙනකන් මම හීන බලබල හිටියේ, ඒ ෆිල්ම් එක නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා, මගේ පලවෙනි ෆිල්ම් එක මේ තරම් ආදරෙන් ප්‍රේක්ෂකයන් වැළඳ ගැනීම ගැන හරිම සතුටුයි,”
ඉතින් නෙත්මි මොනදව අලුත් වැඩ ”මට තව ෆිල්ම් කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා, ඒ ආරාධනා වලින් දෙකක් තෝරාගෙන ඉන්නවා, මේ ජනවාරි ඒ ෆිල්ම් එකේ ෂූටින් පටන් ගන්නවා, ඊට අමතර තවත් ටෙලිනාට්‍යකට සූදානම් වෙනවා, ඕවා තමයි අලුත් වැඩ නිර්මාණ නිසා ටිකක් කාර්යබහුලයි”
දෙවෙනි ඉනිමේ ආක්ශාට ලැබෙන ප්‍රතිචාර කොහොමද..? ”ඇත්තම කියනවනම් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය තමයි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය, ආක්ශාගේ චරිතයට පනපොවලා විනාඩි දෙකෙන් ලංකාවම මාව අඳුර ගත්තා, මට ආදරේ කරන්න පටන් ගත්තා, ආක්ෂා කලින් නපුරු වුනාට දැන් ඉන්න ආක්ෂා හරිම ආදරනීයි, හැබැයි නපුරු ආක්ශාට ආදරේ කරපු පිරිසකුත් හිටියා, අදටත් ගොඩක් අය මට කියන්නේ ආක්ෂා කියලා, හරිම සතුටුයි ප්‍රේක්ෂකයන් එහෙම කතා කරද්දී”
නිලියක් වෙන්න හිතපු එක ගැන මොකද හිතන්නේ ”මෙහෙමයි ඇත්තම කියනවනම් මාව නිලියක් කරන්න ආසාව තිබ්බේ අපේ අම්මට, හැබැයි තාත්තා නම් කැමති වුනේම නෑ මම නිලියක් වෙනවට, කොන්ඩේ දිග නිසා මම පාසල් කාලයේ ඉඳලම අවුරුදු කුමරිය තරංග වලට සම්බන්ද වෙනවා, හැබැයි තාත්තා කැමති නෑ මම ඒ තරඟවලට සම්බන්ද වෙනවට, මම කැම්පස් ගිහින් පලවෙනි වසරේදී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට මම සම්බන්ද වුනා, ඒකට තාත්තාගෙන් අවසර ගත්තේ හරිම අමාරුවෙන්, මම දිනලා ආව ගමන් තාත්තා කිවුවේ රඟපාන්න යන්න බෑ කියලා, හැබැයි ඊට පස්සේ දවසෙම මට සංකාරන් නාට්‍යට ආරාධනා ආවා, මට ඒක ඇහුවම හීන් දාඩිය දැම්මා ඇඟට පන නැතිවෙලා ගියා, මොකද අපේ තාත්තා ගොඩක් සැරයි, කොහොම හරි අම්මා එක්ක කතා කරලා තාත්තට කියලා කියලා තමයි අවසර ගත්තේ”