පුංචි තිරයේ ඉන්න සමානනීය වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ, කොහොම වුනත් නෙහාරා දැන් නම් ඇය වැඩිය පේන්න නෑ, ඉතින් අපි හිතුවා මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න නෙහාරා පීරිස් සමග, ඉතින් නෙහාරා ඔයාලගේ පවුලට අලුත් සාමාජිකාවක් එකතු වුනා නේද..? ”ඔව් දැන් අපේ පවුලට තවත් සාමාජිකාවක් එකතු වෙලා ඉන්නේ, දියනියන්ම දෙන්නෙක් තමයි මේනකටයි මටයි ඉන්නේ, දැන් මගේ සහ මේනකගේ ජීවිතේ තවත් ලස්සන වෙලා කියන්න පුළුවන්, ඇත්තටම ඒ සතුට වචන වලට හරවන්න බෑ, හරිම සතුටින් ඉන්නේ මේ දවස්වල”
දියණියන් දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් නේ දැන්, ඉතින් ඔබට වගකීම් ගොඩක් වැඩියි නේද..? ඔව් ඒක ඇත්ත ඒක හැම අම්මා කෙනෙක්ට හැම තාත්තා කෙනෙක්ටම පොදු දෙයක්, මොකද දැන් අපි බබාලා දෙන්නගේ ඉදිරි අනාගතය ගැන හිතන්න ඕන, ආරක්ෂාව ගැන හිතන්න ඕන, දරුවෝ දෙන්නා ඇස්දෙක වගේ බලාගන්න ඕන, ආදරේ වැඩි නිසා හරිම බයයි, ඒ හැඟීම දැනෙන්නේ අම්මා කෙනෙක්ටම විතරයි, ඒ දේවල් ගැන හිතත්දී ඔලුවට පීඩනයක් එනවා, මොකද ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් නේ,”
නෙහාරා කියන්නේ ටිකක් දඟකාර කෙළිලොල් කටකාර චරිතයක්, හැබැයි දැන් මවක් ඉතින් දැන් ගෙවන ජීවිතේ එක්ක කලින් ගෙවපු ජීවිතේ ගැන මොකද හිතෙන්නේ..? මෙහෙමයි අම්මා කෙනෙක් වුනා කියලා මම මගේ දැඟලිල්ල නතර කරලා නෑ, බිරිඳක් වුනා කියලා අම්මා කෙනෙක් වුනා කියලා වෙනසක් නෑ නෙහාරා නෙහාරාමයි, හැබැයි මම බිරිඳක් විදියට වගේම මවක් විදියට මගේ යුතුකම් සියයට සියයක්ම ඉටු කරන්න කැපවෙලා ඉන්නවා, මම පළවෙනියට අම්මා කෙනෙක් වෙලා බබා ගෙදරට ගෙනාව දවසේ ඉඳලා බබා නාවන කවන පොවන වැඩ හැම දෙයක්ම කලේ මම, මේ පාරත් එහෙම තමයි, මගේ අම්මටවත් බබා නාවන්න දුන්නේ නෑ, හැබැයි නෙහාරා ඉස්සර වගේමයි වෙනස්වෙලා නෑ”
නෙහාරා ආයේ කළා නිර්මාණ හරහා අපිට දැකගන්න ලැබෙන්නේ කවදද..? ”මෙහෙමයි ආයේ ටෙලිනාට්‍ය හරහා නම් මාව දකින්න ලැබේවිද කියලා කියන්න අමාරුයි, මොකද මම දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්, දැන් ජීවිතේ වැඩිම තැනක් දීලා තියෙන්නේ මගේ පවුලට සහ ළමයි දෙන්නට, ඒ හේතුව නිසා කළා ක්ෂේත්රයට සම්බන්ද වෙන්න වෙන්නේ බොහොම අඩුවෙන්, මම නර්ථන ප්‍රසංග වලටනම් සම්බන්ද වේවි, හැබැයි ඒ දේවල් කරන්න කලින් මම මගේ බර අඩු කරගන්න ඕන, දැන් මගේ බර 80ක් වෙලා, මේ බර මටම දරාගන්න අමාරුවෙලා ඉන්නේ,”