ටීවී දෙරණ කියන්නේ කාලෙන් කාලෙට අලුත් නිර්මාණ කළා ලෝකයට දායාද කරන ඒ වගේම කාලෙන් කාලෙට කළා ලෝකයට අලුත් චරිත හඳුනවාදෙන රූපවාහිනී නාලිකාවක්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දෙරණ නාලිකාව හරහා කළා ලෝකයට ආව එක වගේ තාරකාවන් දෙදෙනෙක් ගැන, ඒ තමයි මේ දවස්වල තරුණයන්ගේ ක්‍රෂ් දෙක වෙලා ඉන්න අනුශ්කි සහ කනුශ්කි ගැනයි,
ඉතින් අනුශ්කි කනුශ්කි කොහොමද ලැබෙන ප්‍රතිචාර ”ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, නිල්නේතු සහ පිනිමුතු කියන චරිත නිසා තමයි ප්‍රේක්ෂකයෝ අපිව මුලින්ම හඳුනාගත්තේ, නෙල්නේතු සහ පිනිමුති අපේ ජීවිත කොච්චර වෙනස් කලාද කියනවනම් අපිට දැන් අපි දෙන්නා අනුශ්කි සහ කනුශ්කි කියලත් අමතක වෙලා, මොකද හැමෝම කතා කරන්නේ අපිට නිල්නෙතු සහ පිනිමුතු කියලා, අපි දෙන්නත් නිල්නේතු සහ පිනිමුතු කියන නම් දෙකට ගොඩක් ආසයි,”
කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනේ කොහොමද..? ”අපි දෙන්නා උසස්පෙළ කරලා ඉන්නකාලේ අපේ නෑදෑයෝ ගුරුවරු හැමෝම ඇහුවා ඇයි ඔයාලා දෙන්නා රඟපාන්න යන්නේ නැත්තේ කියලා, ඔය දෙන්නා ගලපෙන්නෙම රඟපාන්න කියලා, නිතරම ඇහෙන්නේ ඒක, ඉතින් අපිත් හිතුවා එක්කෙනෙකුට හරි රඟපාන්න ලැබුනොත් පස්සේ අනිත් කෙනත් සම්බන්ද කරග්ග පුළුවන් නේද කියලා, ඉතින් අපිට හිතුනා ලංකාවේ නිවුන්නු ඉන්න ටෙලිනාට්‍යක් කලොත් අපිට ඒකට සම්බන්ද වෙන්න පුළුවන් කියලා,
ඉතින් අපි දෙන්නා ඒ ගැන නිතරම කතා වුනා, අපිට හිතාගන්නවත් බැරි විදියට සංජය අයියගෙන් රංගනයට ආරාධනාවක් ලැබුනා, නංගි අපි නිවුන්නු ඉන්න ටෙලිනාට්‍යක් කරනවා ඔයාලා දෙන්නට එන්න පුලුවන්ද කියලා ඇහුවා, අපිට ඒක හිතාගන්නවත් බැරි වුනා, පොඩි චකිතයක් එක්ක අපි වැඩේ බාරගත්තා, අපි හිතුවෙවත් නැති විදියට අපේ පලවෙනි නාට්‍යයෙන්ම ප්‍රධාන චරිතය ලැබුනා,”
ඔයාලා දෙන්නා ආදරය ගැන මොකද හිතන්නේ ”ආදරේ කියන්නේ හරිම සුන්දර හැඟීමක්, ඒත් අපිට හරියන ආදරයක් දැම්ම ලැබේවි කියලා අපිට හිතන්න බෑ, අපි හිතන්නේ අවුරුදු 25ක් විතර වෙනකන් ලැබෙන්න ඕන දෙමාපියන්ගේ ආදරේ, වෙනත් පිරිමියෙක්ගෙන් ආදරයක් ලැබෙන්න ඕන 25න පස්සේ, ඒ ආදරේ අපේ විවාහය වෙනුවෙන්ම ලැබෙනවානම් තමයි අපි ගොඩක් කැමති, ගෙදර අයනම් කැමති නිවුන්නු දෙන්නෙක්ම ලැබෙනවට, අපේ වෙඩින් එක එකම දවසේ ගමු කියලයි ගෙදර අය කියන්නේ, දැම්ම කියන්න බෑ නේ කොහොම වුනත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් 24න් පස්සේ ගෙදරින් හොයලා දෙන කෙනෙක් හෝ අපිම හොයාගන්න කෙනෙක් විවාහ කරගන්න ඕන හැබැයි ඒ කෙනා උත්සාහයෙන් දියුණු වෙන් සාර්ථක කෙනෙක් වෙන්න ඕන, මේ වයසේදී එහෙම කෙනෙක් ලැබේවි කියලා අපි හිතන්නේ නෑ, ඒ නිසා අපි දැන්ම එෆයාර් එකකට යන්නේ නෑ”