මගේ පෙම්වතා නළුවෙක් හැබැයි එයා ආර්ථිකව ඉස්ථාවර වෙනකන් මම විවාහ වෙන්නේ නෑ

ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ආදරනීය ටෙලිනාට්‍යක් තමයි මල් පිපෙන කාලේ කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත් වුන හැඩකාර රංගන ශිල්පිනියක් තමයි මියැසි සංදීපනී කියන්නේ, ඉතින් අපි අද කතාකරන්න සුදානම් වෙන්නේ මියැසි සමග, මියැසි කොහොමද ජීවිතේ, මොකද කරන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් මල් පිපෙන කාලේ ටෙලිනාට්‍ය එක්ක සම්බන්ද වෙලා ඉන්නවා, ඒ වගේම ගගන පියවර ටෙලිනාට්‍යත් එක්කත් සම්බන්ද වෙලා ඉන්නවා, මල් පිපෙන කාලයේ සමුදිනී සහ ගගන පියවර නාට්‍යයේ හිරූ කියන චරිත දෙක තමයි මම කරන්නේ, ඒ නිසා ටිකක් කාර්ය බහුලයි මේ දවස්වල”

ගායන ශිල්පිනියක් වෙන්න ආසාවෙන් හිටපු මියැසි රංගන ශිල්පිනියක්ව් උනේ කොහොමද..? ඇත්තටම මට නිලියක් වෙන්න අදහසක් තිබ්බෙම නෑ, හැබැයි මට පොඩිකාලේ ඉඳන්ම මට හොඳට සින්දු කියන්න පුළුවන්, අම්මත් හිතාගෙන හිටියේ මම ගායිකාවක් වේවි කියලා, අම්මටත් හරිම පුදුමයි මම නිලියක් වුනා කිවුවම, මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක් වෙනවා, ඉතින් හරිම සතුටුයි මට”

රංගන ශිල්පිනියක් වෙන එක එච්චර ලේසි නෑ, මොකද මේ ක්‍ෂේත්‍රයට ගොඩක් අය එන්න තරඟ කරනවා, ඉතින් ඔබ ඒ බාදකයට මුහුණ දුන්නේ කොහොමද..? ”ඒක ඇත්ත අලුත් අලුත් අය එන්න එන්න මේ ක්‍ෂේත්‍රයේ තියෙන තරඟකාරීබව වැඩි වෙනවා, හැබැයි ඉතින් මම කාලයක් මේ ක්‍ෂේත්‍රයේ හිටපු නිසා නිර්මාණ කරුවන්ගේ මතකයේ මාව ඉන්නවා, හැබැයි මම කාලයක් මගේ පුද්ගලික වැඩ කිහිපයකට රංගනයෙන් ඈත් වෙලා හිටියා, හැබැයි මම දැන් ආයේ වැඩ පටන් අරගෙන තියෙන්නේ, තරඟයක් තිබ්බට මට ඒක දැන් ප්‍රශ්නයක් නෙවෙයි”

ඔබ දැන් පෙම්වතියක් කියලා පිට දැනගන්න ලැබුනා කියන්නකෝ බලන්න පෙම්වතා ගැන විස්තර ටිකක්, ”මගේ පෙම්වතා තමයි චතුරංග කොඩිතුවක්කු, එයා ජනප්‍රිය නළුවෙක්, අපි දෙන්නා එකට වැඩකරපු නිර්මානකයකදී තමයි අපේ ආදරේ පටන් ගන්නේ, හැබැයි අපි දැන්ම විවාහ වෙන්න තීරණය කරලා නෑ, ඒ වෙන දෙයක් නිසා නෙවෙයි චතුරංග සහ මම ආර්ථික වශයෙන් ස්ථාවර වෙලා ඉන්න ඕන, හැම දේටම කලින් කරන්න ඕන ඒක, ඊටපස්සේ අපි විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *