ලංකාව ඉන්න තරුණ රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම කතාබහට ලක්වෙන වගේම හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසංගා කියන්නේ, ළමා රංගන ශිල්පිනියක් විදියට කළා ලෝකයට එකතුවුන හර්ෂි දැන් ආදරවන්තියක්. ඇය මේ වනවිට සමාජ මාධ්‍ය වල ඉන්න තරුවක්. ඇයට බොහෝ දෙනාගේ ආදරය ලැබෙන බවත් අනිවාර්යෙන්ම කිව යුතුයි. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හර්ෂි රසංගා සමග, ඉතින් හර්ෂි මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල ඉතින් වැඩ ගොඩක් නෑ, හිරු නාලිකාවේ විකාශනය වෙන ලංවී කියන ටෙලිනාට්‍යවලට සම්බන්ද වෙලා ඉන්නවා, එකේ ෂූටින් තමයි ඉතින් වෙන විශේෂ වැඩක් නෑ”
හර්ෂි කොහොමද කලාවට සම්බන්ද වුනේ ”දවසක් මම අපේ ගෙදර කට්ටිය එක්ක දවසක් හවස විනෝද වෙලා ඇවිදින්න කියලා එලියට ගියා, එදා කොඩිනේටර් කෙනෙක් මාව දැකලා අපේ ගෙදරින් අහලා දුවව ටීවී වෙළඳ දැන්වීමකට දෙන්න පුලුවන්ද කියලා, එදා තාත්තා කැමති වෙලා, මම පලවෙනි දැන්වීම කලාට පස්සේ මට දිගටම වෙළඳ දැන්වීම් වලට අරාධනා ආවා, මම අවුරුදු හතරක් විතර කලේ වෙළඳ දැන්වීම් විතරයි, පස්සේ මට සුජාතා නාට්‍යට ආරාධනා ලැබුනා, ඉතින් මම ඒ විදියට තමයි රංගනයට සම්බන්ද වෙන්නේ”
හර්ෂනී කාගේත් අතර වැඩිම කතා බහට ලක්වුණේ ඔයාගේ ටැටූ නිසා, ඉතින් දැන් ටැටූ කියක් විතර ගහලා තියෙනවද..? දැනට ටැටූ 11ක් ගහලා තියෙනවා, මම සාමාන්‍යපෙළ කරලා මාස හතරකින් තමයි පලවෙනි ටැටූ එක ගැහුවේ, මගේ ඇඟේ තියෙන ටැටූ 11ම මගේ ජීවිතේ වැදගත් සිදුවීම්වලට සම්බන්ද ඒවා,
හර්ෂනී කළාවට සමුදෙන්න හදනවා කියලා අපිට ආරංචි වුනා මොකද්ද ඒ කතාව, ඔයාගේ ආදරේ නිසාද රංගනයට සමුදෙන්නේ ”නැහැ මගේ ආදරණ නිසා නම් නෙවෙයි, මම කලාවෙන් ඈත් වෙන්නේ ටික කාලයකට ඒ විදෙස්ගතවෙලා මගේ උසස් අධ්‍යාපනය හදාරන්න, මම රටයන්න හිටියේ ගිය අවුරුද්දේ, මම ලංකාවෙන් යන්න ඉන්න කාලේ තමයි ලංවී නාට්‍යයේ පිටපත් තිමිර අයියා මට ගෙනත් දෙන්නේ, ඉතින් මම ඒ පිටපත අතට ගන්නේ නැතුවම කිවුවා මම ළඟදීම ලංකාවෙන් යනවා කියලා, තිමිර අයියා කිවුවා කියවලා බලලම උත්තරයක් දෙන්න කියලා, ඒක කියෙවුවම මට ආස හිතුනා, ඉටපසේ මම හිතාගත්තා මේක කරලා යනවා කියලා”
ඔයාට දුක නැද්ද මච්චර ජනප්‍රිය වෙලා ඉද්දී කලාවෙන් ඈත්වෙලා යන්න වෙන එක, ”ඇත්තම කියනවනම් මම මෙච්චර කල් කලාවට සම්බන්ද වෙලා හිටියේ මගේ අම්මගේ ආසාවට, මට අවුරුදු 18ක් උන ගමන් අම්මා කිවුවා දැන් ඔයා කැමති දෙයක් කරන්න මට එකේ ප්‍රශ්නයක් නෑ කියලා, ඒ නිසා තමයි මට රටගිහින් ආයේ ඉගනගන්න හිතුනේ, ලබන අවුරුද්දට මට අවුරුදු 20ක් වෙනවා තව වයස තියෙන නිසා මම රටගිහින් ඉගන ගන්නවා”