සෙනසුරාදයි ඉරිදයි කොළ කැඳ බොන නිසා තමයි මගේ කොන්ඩේ මේච්ච ලස්සන – දිලිනි

අපේ කළා ක්‍ෂේත්‍රයේ දිගම වරලසට හිමිකම් කියන ශිල්පිනිය තමයි දිලිනි ලක්මාලි කියන්නේ, ඉතින් අපි හිතුවා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිලිනි එක්ක ටිකක් කතා කරන්න, දිලිනි විවාහ වෙන්න දැන් කාලය හරිනේ ඉතින් ඇයි විවාහය ටික ටික පස්සට දාන්නේ, ”එහෙම හිතලා විවාහය පස්සට කල් දැම්මේ නැහැ, විවාහ වෙන්න ඕන කියලා තමයි මමත් හිතාගෙන ඉන්නේ, මට ආදර සම්බන්දයක් තිබ්බා, හැබැයි ඉතින් මෙහෙමයි අපි ජීවිතයේදී ගන්න සමහර තීරණ හරියනවා සමහර තීරණ වරදිනවා,”

දිනිති විවාහයෙන් පස්සේ ලංකාව හැරදාලා යාවිද..? ”අනේ මට එහෙම අදහසක් නැහැ, මම කලාකාරිනියක් ඒක මගේ වෘත්තීය, ඉතින් ඒ වෘර්තිය මට කරන්න පුළුවන් ලංකාවේ ඉද්දී විතරයි, විවාහයෙන් පස්සෙත් මම රඟපානවා, එනිත් කාරණය මට ඉන්නේ එක එක සහෝදරයයි එයා ඉන්නේ ඩුබායි, ඉතින් මම විවාහයෙන් පස්සේ දෙමාපියන් ඉන්න ගෙදරම පදිංචි වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ, ඒ නිසා මගේ අනාගත ප්ලෑන් කිසිම එකක රට යනවා කියලා අයිඩියා එකක් නෑ,”

අනිත් රංගන ශිල්පිනියන් වගේ දිලිනි විවාහය ලොකුවට ගන්නවද..? මගේ ජීවිතේ මම හැම දෙයක්ම වගේ කරන්නේ හරිම සරල විදියට, ඉතින් ඒ නිසා මගේ විවාහයත් සරල එකක් වේවි මම හිතන විදියට දෙන්නෙක් විවාහ වෙද්දී වැදගත් වෙන්නේ විවාහ උත්සවය කොච්චර ලොකුවට ගන්නවද කියන එක නෙවෙයි ඒ දෙනා එකිනෙකට තේරුම් අරගෙන ඉන්නවද කියන එක, ඒ දෙන්නට ඉදිරි කාලය සතුටින් ඉන්න පුලුවන්ද කියන කාරණය, විවාහ උත්සවය එච්චර වැදගත් නෑ”

කළා ලෝකයේ ඉන්න ලස්සනම කොණ්ඩයට හිමිකම් කියන රංගන ශිල්පිනිය ඔබ, ඉතින් දිලිනි ඔයාගේ කොණ්ඩෙ රැකගන්න මොනවද කරන්නෙ..? ඇත්තම කියනවනම් මගේ කොණ්ඩය මගේ අනන්‍යතාවය වෙලා, දිග කොණ්ඩයක් රැකගන්නවා කියන එක ලේසි නෑ, ඒකට කොණ්ඩයට අවශ්‍ය පෝෂණය වගේම සාත්තු කරන්න ඕන, මම මගේ කොණ්ඩය රැකගන්න අවශ්‍ය පෝෂණය ලබාගන්නවා, ඒ වගේම හැම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම මම කොළ කැඳ බොනවා, ඒ වගේම හැමදාම හොඳට වතුර බොනවා ඒ නිසා තමයි මගේ කොන්ඩේ මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *