කාලයකට කලින් ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වෙලා තිබ්බ ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය. ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි මධුෂානි පෙරේරා කියන්නේ. ඇය පුංචි තිරය ඔස්සේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ රංගන ශීල්පිනියක් බව අනිවාර්යෙන්ම කිව යුතුය. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සිඟිති ගේ චරිතයට පන පොවපු ඇය මේ වනවිට ලංකාව ආදරේ කරන චරිතයක් ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වෙන මධුශානි සමගයි.
මධුශානි කොහොමද නාඩගම්කාරයෝ නාට්‍යයට ලැබුන ප්‍රතිචාර ”ඇත්තටම මම රඟපාපු ටෙලිනාට්‍ය වලින් මට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් එකතු වුන ටෙලිනාට්‍ය තමයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය, හැමෝම මාව හඳුනාගත්තේ ඒ නාට්‍යයෙන් කිව්වොත් හරි, ඒ දවස්වලනම් පාරේ යන්නෙත් හරිම අමාරුවෙන් මොකද හැමෝම ඇවිත් ආ..මේ කුකුළු බබා නේ, මෙන්න උළු කෑල්ල ඉන්නවා කියලා කතා කරනවා, මම මේ නාට්‍යට සම්බන්ද වෙලා මුල් කාලයේ නම් එහෙම කියනකොට පොඩි අපහසුතාවයක් දැනුණා. කේන්තියකුත් ආවා. දැන්නම් ගාණක් නැහැ. ඒ දේවල්වලට පුරුදු වෙලා.”
පාසල් කාලයේ ඉඳලම නිලියක් වෙන්නද ඕන කලේ, ”අනේ නැහැ මට පොඩි කාලේ ඉඳලම ඕන කලේ ගුවන් සේවිකාක් වෙන්න, මගේ එකම හීනය වුනේ ඒක, ඉස්කෝලේ කාලේ සමිතියක සින්දුවක් කියන්න කිවුවත් මම මාරුවෙලා යනවා, ඒ තරමට මම කලාවට කැමති නෑ, මම ගුවන් සේවිකාවක් වෙන්න කිහිප සැරයක්ම ට්‍රයි කළා, එත් ඒක හරිගියේ නෑ, කොහොමින් කොහොම හරි මම කලාවටම සම්බන්ද වුනා,”
නාඩගම්කාරයෝ කතාවේ ජානු එහෙම නැත්නම් සිඟිති කියන්නේ ටිකක් කෑගහන්න තියෙන ප්‍රහසන පැත්තට බර චරිතයක්, ඉතින් මේ චරිතය අබියෝගයක් වුනේ නැද්ද, ”ඇත්තටම එක ලොකු අභියෝගයක් වුනා මොකද මම සාමාන්‍ය ජීවිතයේදී කෑගහන චරිතයක් නෙවෙයි, අනිත් එක තමයි හිනා නොවී රඟපාන එක, මොකද ඒක කරන්නම අමාරුම වැඩක්, වේලාවට මටම මාව පාලනය කර ගන්න අමාරුයි. හොඳටම හිනා යනවා, ට්‍රේනින් කරලා කරලා තමයි මූඩ් එක හදාගෙන වැඩේට යන්නේ,”