මගේ පළවෙනි විවාහය ඇත්තටම අපායක් – සංගීත්ගේ පලවෙනි බිරිඳ උදාරි

රංගන ශිල්පිනියක් විදියට ලංකාවේම ආදරේ ඉතාම කෙටි කාලයකින් දිනාගන්න සමත්වුණ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞෂල්‍යා කියන්නේ, කොහොම වුනත් මේ වනවිට උදාරි කළා ලෝකය හරහා වැඩිය පේන්න නෑ, ඉතින් කළා ලෝකයේ වැඩිය පේන්න නැති උදාරි එක්ක ටිකක් කතා අකරන්න හිතුවා, ඉතින් උදාරි මොකද වෙන්නේ මේ දවස්වල, ”මේ දවස්වල ඉතින් සාමාන්‍ය විදියට කාලය ගත කරනවා, මම පොඩි බිස්නස් එකක් කරනවා එකේ වැඩත් කරගෙන සාමාන්‍ය විදියට ජීවිතේ ගතකරනවා”

ඇත්තටම උදාරි කියන්නේ කොහොම චරිතයක් ද..? ”මම ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න, ඒ වගේම සතුටින් ඉන්න චරිතයක්, මම ගොඩක්ම ආස යාළුවො එක්ක එහෙ මෙහේ යන්න, හැබැයි මම ආසම දේ තමයි යාළුවො එක්ක එකතු වෙලා සින්දු කියන්න, ඉතින් ඒ වගේ විනෝද වැඩ වලට තමයි මම ගොඩක් ආසයි, මම දුක හිතෙනවට පොඩ්ඩක්වත් ආස නෑ, ඉතින් මම ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න උත්සහ කරනවා”

හැමදාම ළඟ ඉන්නවා කියලා ආව අය ඉක්මට ඈත්වෙලා යද්දී මොකද හිතෙන්නේ ”ඇත්තම කියනවනම් මම පන තියෙන දේවල් වලට ගොඩක් බයයි, මොකද පන නැති දේවල් වගේ නෙවෙයි පන තියෙන දේවල් ඉක්මනට අපිව දාලා යනවා, මට මගේ ජීවිතේ එක තැනකදී මම රැවටුනා, මට එතන වැරදුනා, වැටෙන්න පුළුවන් උපරිම පලට මම වැටුනා, හැබැයි මම සැලුනේ නෑ, මම ආයේ මගේ ජීවිතේ ගොඩනගාගත්තා,”

බිඳුන විවාහය ගැන මොකද හිතෙන්නේ, ”ගෙවිලා ගියපු අතීතය ගැන කියනවනම් මගේ ජීවිතේ තියෙන්නේ පසුතැවීම විතරයි, මම හිතුවා වගේ නෙවෙයි, මිනිස්සු පිටින් පේන තරම් සුන්දර නෑ, මට ඒ කාලේ හැමෝම කිවුවේ විවාහ වෙන්න හදිස්සි වෙන්න එපා කියලා, මම හදිස්සිවෙලා ගත්ත ඒ තීරණය නිසා අදටත් මම විඳවනවා, ව ඒ විවාහය ඇත්තටම අපායක්, හැබැයි දැන් මට පෙම්වතික් ඉන්නවා, අපි යාළුවෙලා වසර කිහිපයක් වෙනවා, මාව තේරුම් ගත්ත මට ගොඩක් ආදරේ කරන කෙනෙක් එයා, වෙසමුණු දාගෙන මගේ ජීවිතේට ආව සමහර අය එක්ක බලද්දී එයා කියන්නේ නිධානයක්, මොකද අද වෙනකන් මට එයා බොරුවක් වංචාවක් කරලා නෑ, අපි තව ටික කාලයකින් විවාහ වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *