කළා ලෝකයේ ඉන්න හරිම ආදරණීය කළා පවුලක් තමයි සතරසිංහ කළා පවුල තාත්තාලා පුතාලා අම්මලා ඔක්කොම කලාවත් එක්ක හරිම සමීපයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ සංගීත් සහ ඔහුගේ ආදවන්තිය ගැන, සංගීත් කළා ලෝකයට සම්බන්ද වෙන්නේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් විදියට, කළා පවුලකින් කලාවට සම්බන්ද වෙන නිසා සංගීත් රංගනයට පිවිසීම එච්චර අමාරු වුනේ නෑ, සංගීත් විවාහ වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උදාරි කෞශල්‍යා සමග, කොහොම වුනත් මේ වනවිට සංගීත් ඒ විවාහයට සමුදීලා ඉන්නේ, හැබැයි සංගීත් දැන් ආදර වන්තයෙක් සන්ගීත්ගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය නිලි දිනිති වල්ගමගේ,
දිනිති කළා ලෝකයට සම්බන්ද වෙන්නේ ළඟකදී, කොහොම වුනත් කලාවට සම්බන්ද වෙලා ඉතාම කෙටි කාලයක් ඇතුලත ලංකාවේම තරුණ ආකර්ෂණය දිනාගන්න ඇය සමත් වෙනවා, ඒ වගේම තමයි දිනිතේ රංගනයෙන් දායක වුන සියලුම නිර්මාණ ලංකාවේ අතිශය ජනප්‍රිය වුනා, රංගන ශිල්පිනියක් වෙන්න කලින් දිනිති සේවයකලේ ගුවන් සේවිකාවක් විදියට, කොහොම වුනත් දැන් ඇය ඇයගේ වෘත්තීය විදියට තෝරාගෙන තියෙන්නේ රංගනය,
මේ වනවිට දිනිති සහ සංගීත් කියන්නේ ආදරවන්තයින් කියලා හැමෝම දන්නවා, ඉතින් දිනිති එයා ගැන සහ සංගීත් ගැන කියන්නේ මේ වගේ කතාවක් ”අපි දෙන්නගේ ජීවිතේ හැලහැප්පීම් ගොඩකට අපි මුහුණ දුන්නා, මට ගන්න පුළුවන් ගෙඩක් දේවල් මම සන්ගීත්ගෙන් දකිනවා, සන්ගීත්ට තරම් ප්‍රශ්න ආව මනුස්සයෙක් තවත් මේ ලෝකේ නෑ, එයාට ආව ප්‍රශ්න මට ආවනම් මට මෙලහකටත් ඩිප්රේෂන් ඇවිල්ලා,
මෙයා ඒවාට ෆේස් කරපු විදිය දැක්කම මට හිතෙනවා මම කොහොමද ප්‍රශ්න වලට ෆේස් කරලා තියෙන්නේ කියලා, මම මෙයාගෙන් ගොඩක් දේවල් ඉගනගෙන තියෙනවා, සංගීත් තමයි මට කියලා දුන්නේ කාලය අපිට ගොඩක් දේවල් කියලා දෙනවා, බිඳිච්ච හිත පවා කාලය විසින් සුවපත් කරනවා, එහෙම තමයි සංගීත් මට කියලා දුන්නේ, මම එයාගේ අම්මලා තාත්තලා එක්ක පවා ගොඩක් එකතුයි, ඉතින් අපි දෙන්නා හඳුනා ගත්ත කාලේ පටන්, දෙන්නට දෙන්නා කැමැත්තෙන් හිටියත් රිලෙෂන්ශිප් එකකට යන්න අපි හදිස්සි වුනේ නෑ, අපි කලේ දෙන්නට දෙන්නා ගැන යාළුවො වගේ ඉඳන් දැනගත්ත එක, ඊටපස්සේ තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ”