හිනාවෙන අයට කියන්නේ ලෝකේ ඉන්න හොඳම සැමියා ඉන්නේ මට – පියුමි හංසමාලි

කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා ලංකාවේම අවධානය දිනාගන්න සමත්වෙන ආදරණීය චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ ඉතින් කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා පුවත් මවන පියුමි එක්ක ටිකක් කතා කරන්න අපි හිතුවා, ඉතින් පියුමි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල මම මගේ දරුවා අම්මා සැමියා සමග ගොඩක් ආදරෙන් ඉන්නවා, ඒ වගේම මම ව්‍යාපාරයක් කරනවා ඒ වඩාත් කරගෙන ජිම් ගිහින් ක්ලබ් ගිහින් සැපේ ඉන්නවා”

පියුමි ලස්සනට හිටියට සමාජය තුල තියෙන්නේ ඔබ ගැන වැරදි මතයක් නේද..? මම කෙලින්ම කියන්න අපේ මිනිස්සු ගොඩක් අය කුහකයි, තවකෙනෙක් සැප විඳිනවා එයාට බලාගෙන ඉන්න බෑ, මම ඒක හොඳට දැනගෙන ඉන්නේ, තමන්ට නැති දෙයක් තව කෙනෙකුට ලැබෙනවට ඒ අය කැමති නෑ, ඒවා දකිද්දී එයාලගේ ඇහේ කටු අනිනවා වගේ, මම නම් කියන්නේ මට කරන්න බැරි දේවල් තව කෙනෙක් කරලා ලස්සනට ඉන්නවනම් අපි ඒ අයට ඉරිසියා කරලා වැඩක් නෑ, අපිත් ඒ තැනට එන්න උත්සහ කරන්න ඕන”

පියුමිට කොච්චර විවේචන තිබ්බත් ඔයාගේ සහ පුතාගේ බැඳීමට හැමෝම ගොඩක් කැමතියි නේද..? මම සාමාන්‍ය පවුලක ඉපදුන දුප්පත් කෙල්ලෙක්, මට දැන් වයස විසි නවයයි, මම මගේ පුතාට මට කරන්න පුළුවන් උපරිමෙන්ම සලකනවා, මගේ පුතා දන්නවා අම්මි ළඟ සල්ලි තියෙනවද නැද්ද කියලා, එයා කවදාවට මට අරන් දෙන්න බැරි දේවල් ඉල්ලලා නෑ, අපි උගන්වලා නෙවෙයි ඒ එයාගේ හැටි, මම අම්මත් බලාගෙන පුතත් ලොකුමහත් කරගෙන මගේ ජීවිතෙත් විඳිනවා, මම ඒ දේ වැරදියි කියලා හිතන්නේ නෑ”

ඔබේ පවුල තුල විවිද ගැටළු තියෙනවා කියලා සමාජයෙ කතාවක් පැතිරෙනවා ඇත්තද ඒ ”මගේ පවුලේ මොන වගේ ප්‍රශ්නයක් තිබ්බත් රටේ මිනිස්සු ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ, ඒක අපේ ප්‍රශ්නයක්, හැබැයි එක සිදුවීමක් නිසා මම කලබල උනා වැඩියි, මම එක සමාජ ජාලාවලට දැම්මා, ඔයවගේ දේවල් වෙනවා හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ පියුමි හන්සමාලිට ෆෑන්ස්ලා වැඩියි, ඒක දාලා පයක් යන්නත් කලින් ශෝෂල් මීඩියා ඒක කවර කරලා, මට හිනාවෙන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා, පොඩි දෙයක් ඇති මට මඩ ගහන්න, හිනාවෙන අයට මම මේ කියන්නේ අද මම හොඳ තැනක ඉන්නවා, මට ගොඩක් හොඳ පුතෙක් ඉන්නවා, ලෝකේ ඉන්න හොඳම සැමියා ඉන්නේ මට, පොඩි පොඩි ප්‍රශ්න තිබ්බට අපි ගොඩක් ආදරෙන් ඉන්නේ,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *