කාලයකට කලින් ලංකාවේ වැඩිපුරම අවධානය දිනාගන්න සමත්වෙලා හිටපු නිරූපන ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියනේ, ජනප්‍රියත්වයේ ඉහලම තැනක සිටියදී ඇය හදිස්සියේ විවාහ ගිවිස ගන්නවා, ඒ ලංකාවේ අතිශය ජනප්‍රිය රැප් ගායකයෙක් වන ෆිල්ටී සමග, කොහොම වුනත් දැන් ඒ විවාහය අවසන් වෙලා, ඉතින් කාලයක් වැඩිය පේන්න හිටියේ නැති හසිනි සැමුවෙල් සමගයි අද අපේ කතාබහ
හසිනි කොහොමද ජීවිතේ ”ජීවිතෙනම් හරිම සුන්දරයි, මම දැන් තනිවුන අම්මා කෙනෙක්, මගේ විවාහය සාර්ථක වුනේ නෑ, එයා ආයේ එයාගේ පලවෙනි බිරිඳ සහ ළමයි එක්ක ජීවත් වෙන්න තීරණය කළා, මට ඉතින් ඒ තීරණ වෙනස් කරන්න බෑ නේ, ඒක එයාගේ කැමැත්ත ඉතින් මම ඒ කැමැත්තට ඉඩදීලා එයා මට දුන්න මේ ලස්සන තෑග්ගත් ආදරෙන් බලාගෙන ජීවිතේ ඉදිරියට යනවා, මගේ දෙමාපියනුත් ගොඩක් උදවු කරනවා මගේ ළමයා උස්මහත් කරගන්න, තනිවීම ගැන යම්කිසි දුකක් තියෙනවා හැබැයි හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගෙන ඉන්නවා”
හසිනි කලාවට සම්බන්ද වෙන්නේ කොහොමද..? මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ 2017 වසරේදී ඒ මිස් පැජන්ට් එක හරහා, ඒ පැජන්ට් එකෙන් මම දෙවන ස්ථානය දිනාගත්තා, ඊටපස්සේ මම මිස් ඒෂියා පැසිපික් පැජන්ට් එකට ඇප්ලයි කළා, ඒකෙන් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුනා, ඊට පස්සේ මම පිලිපීනයේ මැනිලාවලදී මිස් ඒෂියා පැසිපික් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට ගියා ඒ ලංකාව නියෝජනය කරන්න, ඊටපස්සේ මම ඒ තරඟයෙන් මිනි ටයිටල් එකක් දිනාගත්තා, ඒ විදියට තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනේ”
ෆිල්ටි එක්ක තරහින්ද ඉන්නේ..? අනේ නෑ මම එයා එක්ක කිසිම තරහක් නෑ, එයත් එහෙමයි, ඒ වගේම එයා දරුවන්ටත් ගොඩක් ආදරේයි, එයා තාම අපිගැන හොයලා බලනවා, අපි අතර සමහර දේවල් අපිට ගැලපුනේ නෑ, නොගැලපීම් මත රණ්ඩු වෙවී ජීවත් වෙනවට වැඩිය හොඳයි වෙන් වෙලා ඉන්න එක, මම තනි වුනත් එයා කොහේ හරි සතුටින් ඉන්නවනම් මට ඒ ඇති,”
ළමයෙක් එක්ක කාන්තාවක් තනියම ඉන්නවා කියන එක හරිම අමාරු වැඩක් ඉතින් ආයෙමත් විවාහ වෙන්න අදහසක් තියෙනවද..? ”මට ආයේ විවාහයක් ගැන හිතන්න බෑ මොකද මම මගේ හදවතින්ම ආදරේ කරන්නේ ෆිල්ටි ට විතරයි, දැන් මට එයාගෙන් පුතෙක් ඉන්නවා, මගේ ජීවිතේ වැඩියෙන්ම වටිනා දේ මගේ පුතා, මම කැමතියි මගේ පුතා ධර්මානුකූල විදියට උස්මහත් කරන්න”