රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම හදවත් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි, උපේක්ෂා උපත ලබන්නේ කුවේට් රාජ්‍ය තුල පසුව ඇය 2004 වසරේදී ලංකාවට එනවා, ඇය ලංකාවට එන්න කලින් අවුරුදු 20ක් පමණ හිටියේ කුවේටයේ, පබා ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත උපේක්ෂා සමගයි අද අපේ කතාබහ, ඉතින් උපේක්ෂා කොහොමද මේ දවස්වල ජීවිතේ ”මේ දවස්වල නම් ඉතින් බබා එක්ක තමයි ඉන්නේ, පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන දරුවාගේ වැඩත් කරගෙන සතුටින් ඉන්නවා”
උපේක්ෂට ජීවිතේ වැරදිලා වැරදුනාද..? ”මට මගේ ජීවිතේ දෙපාරක් වරද්දා ගත්තා, පලවෙනි විවාහය අසාර්ථක වුනා, ඉතින් මම ඒ විවාහයෙන් වෙන් වුනා, ඊට පස්සේ මම බැන්දේ මට වඩා වයසින් බාල කෙනෙක් හබැයි දැන් එයත් නෑ, ඇත්තම කියනවනම් උපේක්ෂා ස්වර්ණමාලි කියන කෙනාගේ ජීවිතේ කඩාකප්පල් වෙලා තියෙන්නේ, ඉතුරු ජීවිතේ තමයි මම මේ ඇදගෙන යන්නේ, මොකද මගේ තරුණ කාලය නිකන්ම අපතේ ගියා, මට හරිහමන් නිර්මාණ ලැබුනෙත් නෑ, මම ලංකාවේ හැදුන කෙනෙක් නෙවෙයි මට හොඳට ඉංග්‍රීසි පුළුවන් හැබැයි මගේ හැකියාවෙන් මමවත් වැඩක් අරගෙන නෑ, මට හිතෙන්නේ මගේ කාලය නිකන්ම අපතේ ගියේ නෑ,”
උපේක්ෂා කැමති ඔබේ දියණියත් නිලියක් කරන්නද..? ”මම නිලියක් වුන විදියටනම් මම මගේ දුවට නිලියක් වෙන්න දෙන්නේ නැහැ, මොකද මම දන්නවා නේ මේ ක්‍ෂේත්‍රයේ හැටි මම මගේ දුවට මුලිනම් හොඳට උගන්වනවා, එයාට උගත්කම දෙනවා, ඒයාගේ හරි වයස ආවම එයාට කැමති දේ කරන්න ඉඩ දෙනවා, ඒ වගේම එයා උනන්දු කරනවා, මම කැමතියි මගේ දුව ජක්ලින් වගේ නිලියක් වෙනවට, මම එච්චර තැනකට ඇවිත් නෑ, මම පූජලා ජක්ලින්ලාගේ තැනට එන්න උත්සහ කරලා නෑ, හැබැයි මම කැමතියි මගේ දුව ඒ වගේ තැනකට යනවට”
ඔබ දැන් තනිවුන මවක් නේද..? ”ඔව් මගේ අම්මත් එහෙමයි, ඇත්තටම දුකයි, මට වෙලාවකට හිතෙනවා මේක සාපයක්ද කියලා, තාත්තා කෙනෙක්ටවත් අම්මා කෙනෙක්ටවත් තනියම ළමයෙක් හදාගන්න බෑ, හැබැයි බෑ කියලා හරියන්නේ නෑ ඒ දේ කරන්නම වෙනවා, දරුවෝ ඉපදුනාම අපිට තරුණ කාලයේ තිබ්බ සැහැල්ලුව අත්හරින්න වෙනවා, දරුවක් ඉද්දී වෙන විවාහයකට ගියොත් ඊළඟට වෙන දේ තීරණය කරන්නේ විවාහ වෙන කෙනා මත, මගේ දුවගේ තාත්තා කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්, එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා, මම එයාලට ගොඩක් සනීප වුනා, අපිත් මිනිස්සු නේ, දරුවෙක් එක්ක ආයේ විවාහයකට යනවා කියන එක ලේසි නෑ අපි බුද්ධිමත් වෙන්න ඕන ඒ විවාහය පැහැදිලි වෙන්න ඕන”