මම කිසිම නළුවෙක් එක්ක ලිවින් ටුගෙදර් හිටියේ නෑ, , ශාරීරිකව එකතු වෙලත් නෑ – තරිඳි

ලංකාවේ මේ වනවිට ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනිය විදියට තරින්දි ප්‍රනාන්දු හඳුන්වන්න පුළුවන්, කොහොම වුනත් මේ දවස්වල සමාජ ජාලා හරහා තරිඳි ගැන පැතිරෙන කට කතානම් එච්චර හොඳ ඒවා නෙවෙයි, ඉතින් අපි හිතුවා මේ කතාවන්වල ඇත්ත නැත්ත දැනගන්න තරිඳි එක්කම ටිකක් කතා කරන්න, ඉතින් තරිඳි අපිට දැනගන්න ලැබුනා ඔයා මේ වනවිට නළුවෙක් එක්ක living together ඉන්නවා කියලා ඇත්තද ඒක, ”මෙහෙමයි මේ වෙද්දී සමාජ ජාලාවල මම ගැන එක එක කටකතා ගොඩක් පැතිරෙනවා, ඒ කටකතා වලින් එකක් තමයි මම ජනප්‍රිය නළුවෙක් එක්ක living together ඉන්නවා කියන එක,

ඒ වගේම සමහර අය කියනවා මම නළුවෙක් එක්ක විවාහ වෙලා දැන් දික්කසාද වෙලා ඉන්නේ කියලත්, මටනම් මේ කතා ගැන කියන්න තියෙන්නේ මේ කතා ඔක්කොම බොරු, ශාරීරික සම්බන්දතා පවත්වන්නවත් living together ඉන්නවත් ඒ වගේම හොරාට විවාහ වෙලා ආයේ දික්කදාද වෙන්නවත් මට ඕන නෑ, අනික එහෙම දේවල් වෙලා තියෙනවනම් මම ඒ ගැන කියන්න බය වෙන්නෙත් නෑ, හැබැයි මට ප්‍රේම සම්බන්දයක් තිබිලා තියෙනවා, ඒත් එක එක ප්‍රශ්න නිසා ඒ සම්බන්දතා නැතිවෙලා තියෙනවා, එච්චරයි”

කොහොම වුනත් තරිඳි පහුගිය දවසක මුහුනු පොතේ සටහනක් තියලා තිබ්බා ආදරේ නිදහස් කළා කියලා, ඇත්තටම ඔබේ සම්බන්දය නතරවුනා ද..? ඔව් මම මුහුනු පොතේ සටහනක් තියලා තිබ්බා ආදරේ නිදහස් කළා කියලා හැබැයි ඒ ආදරය නිදහස් කළා නිදහසට ආදරේ කරමි කියලා, සමහර අය මේක තේරුම් අරන් තිබ්බේ වැරදි විදියට, ඒ මම මගේ පෙම්වතා අත්හැරියා කියලා, එක මගේ හිතට නිකන් ආව අදහසක් එහෙම නැතුව මම මගේ ආදරේ අත් හැරලා නෙවෙයි, මගේ ආදර සම්බන්දතාවලදී මගේ නිදහස නැතිවුන අවස්ථා නැතුවම නෙවෙයි හැබැයි ඒ සටහන දැම්මේ ඒ නිසා නෙවෙයි”

ඇත්තටම තරිඳි ඔයාට ඕන මොනවගේ පෙම්වතෙක්ද..? ”මම ඇත්තටම බලාපොරොත්තු වෙන පෙම්වතා තාම ඉන්නේ මගේ හිත ඇතුලේ, මට එයාව තාම මීට්වෙලා නෑ, මම ආදරෙදී පවුල් පසුබිම, සල්ලි, රැකියාව, වත්පොහොසත්කම්, ලස්සන බලන්නේ නෑ, මම හොයන්නේ හොඳ ගුණයහපත් කෙනෙක්, ඒ වගේම මාව තේරුම් අරගෙන මගේ ගමනට සහය දෙන කෙනෙක්, පිරිමින්ගෙන් මම දැක්ක හොඳම පිරිමියා මගේ තාත්තා විතරයි මගේ අම්මා නැති වුනේ මම පොඩි කාලෙදී, තාත්තා තමයි පොඩි කාලේ ඉඳලම මාව මේ තත්වෙට ගෙනාවේ, මම හොයන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *