ගයාන් මට ප්‍රොපෝස් කලොත් සතුට වැඩි කමට මට කලන්තේ දාවි – පූජනී භාග්‍යා

කළා ක්ෂේත්‍රයේ ඉන්න අහිංසකම වගේම සුන්දරම රංගන ශිල්පිනිය විදියට පූජනී භාග්‍යා හඳුන්වන්න පුළුවන්, හරිම ආදනීය රුවකට හිමිකම් කියන පූජනී භාග්‍යා සමගයි අද අපේ කතාබහ, ඉතින් පූජනී මොනවද අලුත් තොරතුරු ” මම පසුගිය් කාලයේ නම් වැඩිය පෙන්න හිටියේ නෑ, මොකද මම පසුගිය කාලයේ කලාවෙන් ටිකක් ඈත් වෙලා හිටියා, හැබැයි දැන් ආයෙමත් වැඩ පටන් අරගන මේ දවස්වල විකාශනය වන ‘මැස්සා’ නාට්‍ය සමග මම ආයේ රංගනයට සම්බන්ද වෙලා ඉන්නවා, ඒ වගේම බාරගත්ත වැඩ කිහිපයක් කරගෙන නිදහසේ ඉන්නවා”

පූජනී ඇයි එකපාරම කළා කටයුතු හැම එකකින්ම ඈත වුනේ..? ”මේකයි පහුගිය කාලයේ මම එකදිගටම කළා කටයුතු එක්ක සම්බන්ද වෙලා හිටියා, හැමදාම ෂූටින් ඉතින් එහෙම කාර්ය බහුල වෙලා ඉන්න හරිම අමාරුයි ඉතින් මට නිවාඩුවක් ඕන වුනා, මොකද මොන දේ තිබ්බත් නිදහස නැත්නම් වැඩක් නෑ, ඉතින් මම කෙටිකාලීන නිවාඩුවක් ගත්තා, හැබයි දැන් ආයේ රංගන සමග සම්බන්ද වෙලා ඉන්නවා,”

එතකොට නිවේදන කටයුතුවල තත්වය මොකද..? ”ම්ම් රංගනයට වඩා ආසාවෙන් කරන්නේ නිවේදන කටයුතු, මම හරිම ආසාවෙන් තමයි නිවේදනයේ නියැලෙන්නේ, මම හිතනවා රංගනයට වඩා මම නිවේදනයට ගොඩක් දක්ෂයි කියලා, ඒක මට ගොඩක් පහසු දෙයක්, මම දැන් යූ ටියුබ් නාළිකාවක නිවේදන කටයුතු සිදුකරනව, ඒ වගේම රුපවාහිනී නිවේදිකාවක විදියටත් වැඩ කරනවා”

පූජනී ඔබ කියන විදියට ඔයාගේ හොඳම යාලුවා ගයාන් ගුණවර්ධන ඉතින් ඔයාට ගයාන්ගෙන් ලැබෙන සහය කොහොමද..? ගයාන් අයියගෙන් තමයි මට ලොකුම සපෝර්ට් එකක් ලැබෙන්නේ, මොකද මට මේ ක්‍ෂේත්‍රයේ යාළුවො නෑ, මම ලඟින්ම ආශ්‍රය කරන්නේ ගයාන්, ගයාන්ට අමතරව මම සචින් සහ දෙව්නක ආශ්‍රය කරනවා, ඇත්තම කියනවනම් මට චරිතයකට ආරාධනාවක් ලැබුනත් මම ගයාන් අයියගෙන් අහලා තමයි ඒ චරිතය බාරගන්නේ”

පුජනීට ගයාන්ව විවාහ කරගන්න ලැබුනොත් ගයාන් විවාහ යෝජනාවක් කලොත් ඔබට..? ගයාන් මට ප්‍රොපෝස් කලොත් ඒක මගේ ජීවිතේ සතුටු වැඩිම දවස වේවි, සතුට වැඩි කමට කලන්තෙත් දාවි මොකද ගයාන් කවමදාවත් මගේ හිත විහිළුවටවත් රිදවලා නෑ, අපි දෙන්නා නිතරම විහිළුවෙන් ඉන්නේ, ගයාන් කියන්න අවන්කවම හොඳ කොල්ලෙක් එයා වගේ කොල්ලෙක් ලැබෙන කෙල්ල ගොඩක්ම වාසනාවන්තයි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *