ටෙලිනාට්‍ය හරහා මේ දවස්වල වැඩිම තරුණ ආකර්ෂණයක් දිනාගෙ ඉන්න හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියන්නේ, ඉතින් අපි හිතුවා වගීෂා එක්ක ටිකක් කතා කරන්න, වගීෂා මේ දවස්වල ඔයා චරිත දෙකකින් දකින්න ලැබෙනවා, ඉතින් එහෙම චරිත දෙකකින් එකවට ප්‍රේක්ෂකයන්ට පේන්න එන එක අවාසියක් නෙවෙයිද..? ”අනේ මම නම් එහෙම හිතන්නේ නැහැ, මොකද මේ චරිත දෙක එකිනෙකට වෙනස්, හැබැයි මේ චරිත දෙක බාරගද්දී මම ගොඩක් සැලකිලිමත් වුනා, මොකද එකවර චරිත දෙකක් කරද්දී රසිකයන්ට එපා වේවි කියලා මට හිතුනා, හැබැයි එහෙම වුනේ නෑ, මම හිතුවටත් වඩා ප්‍රේක්ෂකයන් මාව ආදරෙන් වැළඳ ගත්තා”
රංගනයට ආවට පස්සේ වේදිකාව අත් හැරියද..? මම වේදිකාව අත්හැරියේ නැහැ, ආරාධනා ලැබුනා හැබැයි මම බාරගත්තේ නැහැ, මොකද ටෙලිනාට්‍ය වගේ නෙවෙයි වේදිකාව කියන්නේ විශාල කැප කිරීමක් කරන්න ඕන දෙයක්, ඉතින් මම ටෙලිනාට්‍යවල රඟපාන ගමන් ඒ දේට කැප වෙන්න වෙලාව නෑ, ඉතින් ඒ නිසා මම වේදිකා නාට්‍ය බාරගත්තේ නෑ, හැබැයි මම අදටත් ආදරේ කරන්නේ වේදිකාවට, මොකද රංගනය තුලදී තියෙන අමාරුම කොටස තමයි වේදිකා රංගනය වන්ටේක් ගන්න ඕන නේ,
ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ ”මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ තමයි ජනප්‍රියත්වය කියන දේ ලැබෙන්න වාසනාව තියෙන්න ඕන, ඒ වගේම තමයි ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන, හැබැයි මම නිතරම වැඩ කරන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න මිසක් ජනප්‍රිය වෙන්න නෙවෙයි මගේ හීනය චරිතාංග රංගන ශිල්පිනියක් වෙන එක’
අලුත් රංගන ශිල්පිනියන්ට කැපිලි කෙටිලි ගොඩක් තියෙන ක්ෂේත්‍රයක් මේක ඉතින් ඔබට එහෙම කැපිලි කෙටිලි ඇවිල්ලා නැද්ද ”ඇයි නැත්තේ කැපිලි කෙටිලි ගොඩක් ඇවිත් තියෙනවා, ඒක ගොඩක් පොදු දෙයක්, හැබැයි එකෙන් වුනේ මට වැඩ ගොඩක් වැඩි වෙච්ච එක, මොකද මගේ වයසත් එක්ක මට ලැබුන චරිත ගන්න අනිත් නිලියෝ ගොඩක් පොරකාවා, ඒ අයට නැතුව මට මේ චරිත ලැබෙද්දී ඒ අයගේ ඉරිසියාව තවත් වැඩි වුනා, අදටත් එහෙමයි, මම හැම වෙලාවේම විශ්වාස කරන්නේ බාදක එන්න එන්න තමයි මට මගේ ගමන යන්න ලේසි කියලා”