මේ දවස්වල ලංකාවේ හැමෝගේ ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත්ත චරිතයක් ඉන්නවා ඒ තමයි බන්ටි, එහෙමත් නැත්නම් සරණි, ඒ වගේම ඩිල්ශානි කියලත් අපිට ඇය හඳුන්වන්න පුළුවන්, ඉතින් මේ හැමෝම ආදරේ කරන චරිතයට පන පොවන්නේ දුෂේනි මියුරංගි, ඉතින් අපි හිතුවා දුෂේනි මියුරංගි එක්ක ටිකක් කතා කරන්න,
දුශේනි මේ දවස්වල ඔයා ලංකාවේ ගොඩක් ජනප්‍රියයි නේද..? ”ඔව් ඒකට ප්‍රධානම හේතුව මම මේ දවස්වල රංගන දායකත්වය ලබාදෙන පාරදිගේ ටෙලිනාට්‍ය, ඒ නාට්‍යයේ සරණි කියන චරිතයට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තා, මම හිතන්නේ ඒක මගේ වාසනාව කියලා, මොකද මිනිස්සු ගොඩක්ම මාව අඳුර ගත්තේ ඒ චරිතය හරහා, සරණි, බණ්ඩා, බන්ටි කියන්නේ ඒ නාට්‍යයේ තියෙන තරමක් කළු චරිත හැබැයි ඒ චරිත අපේ ප්රෙක්ෂයන් ආදරෙන් වැළඳ ගත්තා, මම කවදාවත් හිතුවේ නෑ මේ චරිතය නිසා මම මේ තරම් ජනප්‍රිය වේවි කියල,
ඇත්තම කියන්න සරණි කරන වැඩ දුශේනි අනුමත කරනවද..? මෙහෙමයි මම සරනිගේ හැම වැඩක්ම අනුමත කරන්නේ නෑ, මොකද ඒවා හොඳ දේවල් නෙවෙයි, හැබැයි සමහර දේවල් මම අනුමත කරනවා, මෙහෙමනේ අපි හැමෝගෙම ජීවිතවල එක එක ප්‍රශ්න තියෙනවා, හැබැයි සරණි හැම බොරුවක්ම කරන්නේ ආදරේ වෙනුවෙන් විතරයි, ගොඩක් ගෑනු ළමයි ආදරේ නිසා නොකරන දෙයක් නෑ, ඉතින් සරණි කියන්නෙත් ඒ වගේ කෙනෙක්, එයා එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා, මම ඒකනම් ගොඩක් අනුමත කරනවා”
දුශේනිට රංගන ශිල්පිනියක් නොවුනානම් කියලා හිතෙන අවස්ථා තියෙනවද..? ”නැහැ කිවුවොත් ඒක බොරුවක් මොකද එක දිගට සති ගානක් පාන්දර තුනට අවදිවෙන්න ඕන ෂූටින්වලට ගියාම, මට කරන්න අමාරුම වැඩේ තමයි ඒක, අපි එහෙම කැපකිරීමක් කරලා රංගනයෙන් දායක වෙන්නේ, ඉතින් එහෙම වුනා අපේ ප්‍රේක්ෂකයෝ අපිව දැක්කම කියනවා අනේ එයා කෙට්ටු වෙලානේ කියලා, තිරය පිටිපස්සේ ඉඳන් කරන කැපකිරීම් එයාලා දකින්නේ නෑ, මොන කැප කිරීම් කලත් මම හැමතිස්සෙම හිතන්නේ මම වාසනාවන්තයි කියලා, මොකද මේ තරම් ආදරයක් ලැබෙද්දී අපේ මහන්සිය ඉබේම නැති වෙනවා, කොච්චර එපා කියලා හිතුනත් දිගටම රංගනයේ ඉන්නේ ඒ නිසා”
දුශේනිත් විවාහ වෙන්න හොයන්නේ රෙහාන් වගේ කෙනෙක්ද..? ”මෙහෙමයි සියයට සියයක්ම එහෙමයි කියලා කියන්න බෑ, හැබැයි රෙහාන් කියන චරිතය ඇතුලේ තියෙන සමහර ගුණාංග වලට මම කැමතියි, ඒ වගේම එයාගේ පරිනත බවට මම කැමතියි, ඉතින් මම කැමති ඒ වගේ හයි ප්‍රොෆයිල් කෙනෙක් මගේ ජීවිතේට සම්බන්ද වෙනවට,”