ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් විදිහට හදුන්වන්න පුළුවන් චරිතයක් තමයි ශිරොෂි රොමේශිකා කියන්නේ. ඇය අපි කොයි කවුරුත් ආදරේ කරනවා ආදරණීය රංගන ශිල්පි අමල් පෙරේරාගේ ආදරණීය බිරිඳ කියන්නත් ගොඩක් අය දන්නවා.ඉතින් ඇය පිළිබඳව විශේශෙන් මේ කතා කරන්නේ පසුගිය දවස්වල ඇය මාරක රිය අනතුරකට මුහුණ දීලා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ නිසයි. ඇත්තටම ඇය සිහිසුන්ව රෝහලක් මත හිටියා කියලා තමයි සඳහන් වෙන්නේ.නොසිතූ විදිහට සිදුවුණ මේ අනතුර අදටත් ඇයගේ ජීවිතයට අමතක වෙන්නට සිදුවීමක් කියලා කියලා ඇය සඳහන් කළා. කෙසේ නමුත් එය ඒ අවස්ථාවේදීත් ජීවිතය ගැන දැනුණු ඒ හැඟීම ගැන ශිරෝශි පුවත්පතකට කිව්වේ මේ වගේ කතාවක්.
“ඇත්තටම ඒ වෙලාවේ මට හිතුනේ මගේ හැමදේම මෙතනින් ඉවරයි කියලා.ඒක ඇවිල්ල මගේ ඇඟේ හැප්පුනා හම මම හිතුවේ මට ආයෙ dancing කරන්න හම්බ වෙන්න එකක් නෑ කියලා.මම කරන්න හිතන් හිටියේ නෑ හැමදේම මට කරගන්න බැරි වෙයි කියලා.මොකද ජීවිතේ කියන්නේ අපි නොහිතපු වෙලාවක නැති වෙන්න පුළුවන් දෙයක්.ඒ නිසා මම කියන්න කැමතියි ජීවත් වෙලා ඉන්න කාලේ ඊර්ෂ්‍යාව තරහව කුහකකම මේ කිසිවක් තියාගන්නේ නැතුව ජීවිතය විඳින්න කියලා.තව කෙනෙක්ට ශක්තියක් වෙලා ජීවත් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ”
ඉතින් ඒ විදියට අදහස් දක්වන ඇය අනතුරට ලක්වෙන මොහොතේත් ආදරණීය දියණියකගේ මවක්.ඉතින් මේ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී ඇයට දියණියක් මතක් වෙලා තියනවා.කෙසේ නමුත් අද වන විට නැවත වතාවක් ආදරණීයන් එක්ක ගත කරන්න ගත කරන්න ඇයට දෙයියො තවත් අවස්ථාවක් දීලා.ඒ ගැන ඇය අවසානයෙන් කිව්වේ මේ වගේ කතාවක්.
“මගේ දරුවාට මාව ආපහු ලබා දුන්න එක ගැන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි.මොකද එදා මගේ ජීවිතේ නැති වුණා නම් එහි ලොකුම පාඩුව මගේ දරුවාට.ඒ නිසා මගේ දරුවාට අම්මව නැවත ලබා දුන්න එක ගැන දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුති කරනවා.ඒ වගේම මා වෙනුවෙන් වෙහෙසුනු නාගොඩ රෝහලේ සහ නවලෝක රෝහලේ වෛද්‍යවරුන්ට හෙද හෙදියන්ට මගේ පවුලේ අයට අමල්ට සහ මගේ පවුලේ අයටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේ මට සුවය පතල මුහුණළ මුහුණ පොතට පෝස්ට් පළ කරපු අයට මා වෙනුවෙන් දේවමෙහෙයන් බෝධි පූජා ආදී තිබ්බ අයට සියලුම දෙනාට ස්තුතියි”
ඉතින් ඇය තමන් පත්වෙච්චි මේ අසීරු අවස්ථාවේදී ගොඩ එන්න උදව් උපකාර කරපු සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙලා තිබුණේ ඒ විදිහටයි. ඉතින් අපි ඇයට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු.