කලා ලෝකය තුළ අපි ගොඩක් දෙනෙක් ආදරය කරන බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ.ඇය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරත් ඇයගේ මූලික වෘත්තිය තමයි ගුවන් සේවිකාවක් විදියට කටයුතු කිරීම.ඉතින් ගුවන් සේවිකාවක් කියන වෘත්තිය තුළ හරියට වගකීම් ඉටුකරන ඇය කරන ඇය දක්ෂ නිහතමානී ආදරණීය හදවතක් හිමි කලාකාරිනියක් කියන්නත් පුළුවන් චරිතයක්.
ඉතින් දිනිති ගැන ඒ විදිහට කතා කරද්දී ගොඩක් දෙනෙක් දන්නවා ඇය මේ වෙද්දි විවාහ වෙන්න ඉන්නේ එහෙමත් නැත්නම් ආදරේ කරන්නෙ කලා ලෝකයේ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පියෙක් ශිල්පියෙකු වන සංගීත් සතරසිංහ සමඟ කියන්න.පසුගිය කාලේ නම් ඒ දෙන්නට දෙන්නා ආදරය කරනවා කියලා ප්‍රසිද්ධියේ සඳහන් කරලා තිබුණේ නෑ.නමුත් මේ වන විට ඒක ප්‍රසිද්ධ රහසක් වෙලා අවසන්.
අද වෙද්දි සංගීත් එක්ක බොහොම සතුටින් ජීවිතේ ගත කරන ඇය ආදරය පිලිබඳව කිව්වේ මේ වගේ කතාවක්.
“ආදරේ කියන දේ ලස්සන කෙනෙක්ට මුණ ගැහුණොත් එක ලස්සනයි.ඒකෙ මම අදහස් කළේ බාහිර රූපය ගැන නෙවෙයි.මනුස්සයෙක්ගේ හදවත ලස්සන වෙන්න ඕනේ.මොකද ආදරේ කියන්නේ හරිම සංවේදී දෙයක්.අපිට ජීවිතය විඳින්නත් විඳ වන්නත් පුලුවන් ආදරේ නිසා.අපේ හරිම පරිස්සමෙන් සහ කලබල නොවී ආදරය තෝරා ගත යුතුයි.විවාහයත් ඒවගේ”
ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඇය ආදරේ පිළිබඳව ඒ විදිහට කතා කරද්දි ගොඩක් අය අහලා තිබ්බා සංගීත් එක්ක දැම්ම විවාහ වෙන්නෙ නැද්ද කියලා.එහෙම අහපු හැමෝටම දිනිති කිව්වේ මේ වගේ කතාවක්.
“තවම දිනයක් නම් තීරණය කරනවා නැහැ කවද්ද කියලා.හැබැයි මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම සංගීතුයි මමයි විවාහ වෙනවා. පැය පහක් ඇතුළත ගන්න wedding එහෙකට ඇයි අපි කාලය නාස්ති කරගෙන අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ.මම කල්පනා කරන්න ඕනේ විවාහයෙන් පස්සේ මගේ ජීවිතය වෙනස් වෙනවනේ කියලා.එහෙම නැතුව වෙඩින් එක දවස ණය වෙලා බොරුවට ලොකුවට සෝබනේට ජයටම ගන්න ඕනි නැහැ. විවාහය කියන දේ ජීවිතයට එක පාරයි ලැබෙන්නේ.ඒ ලස්සන දවස තමන්ට දරන්න පුළුවන් වියදමින් කරලා සතුටින් ජීවත් වෙන එක තමයි වටින්නේ.සතුට කියන දේ අපේ අත ළඟ තියෙන්නේ.පොඩි දේකින් වුණත් අපිට සතුටු වෙන්න සෑහීමකට පත් වෙන්න පුළුවන්.බොරු හීන ලෝකෙක ඉන්න වෙඩින් එකට සූදානම් වෙන්න මම කැමැති නැහැ.”
ඉතින් දිනිති තමන්ගේ විවාහය පිළිබඳව ඔය විදිහට තමයි සති අග පුවත්පඅග පුවත්පතක් එකතුවෙලා අදහස් ඉදිරිපත් කරලා තිබුණේ ඉතින් ඇයගේ ඇයගේ විවාහ ජීවිතය සාර්ථකව සිදුකර ගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු