වැඩ නැති නිසා මම නුවර හෝටලේක වේටර් රස්සාවක් කළා – නිනෝ

ලංකාවේ මේ වනවිට අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් අධක්‍ෂණය කරන ‘කෝලම් කුට්ටම’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යයේ ඉන්න හැමෝම ආදරේ කරන චරිතයක් තමයි රන්මුතු කියන්නේ, ඉතින් මේ රන්මුතු කියන චරිතයට පන පොවන්නේ අපි හැමෝම දන්නා නිනෝ විසින්, ඉතින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා ගොඩක් ආදරේ කරන නිනෝ සමග,

ඉතින් නිනෝ කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල කෝලම් කුට්ටම සමග සම්බන්ද වෙලා ඉන්නවා, එකේ මම මිනිමුතුගේ අයියා රන්මුතු කියන චරිතය නිරූපනය කරනවා, ඇත්තම කියනවනම් මම ඒ චරිතයට ගොඩක් ආසයි, සිවා අයියා අවුරුදු තුනකට කලින් තමයි මේ චරිතයට කතා කරලා තිබ්බේ, ඒ වගේම තමයි සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා කියන්නේ හරිම ආදරණීය චරිත මට ගොඩක් සතුටුයි මේ චරිතයට සම්බන්ද වෙන්න ලැබුන එකට”

මේ දවස්වලට ෆිල්ම් එකකටත් සම්බන්දවෙලා කියලා ආරංචියි ඇත්තද ඒ කතාව, ”ඔව් ඒ කතාව ඇත්ත, මම චිනිත් පෙරේරා අධ්‍යක්ෂණය කරන අනුර හේමචන්ද්‍ර නිෂ්පාධනය කරන අලුත්ම ෆිල්ම් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා, ඒ නිසාම මට දර්ශන් ධර්මරාජ් අයියා එක්ක එකට රඟපාන්න අවස්ථාවක් ලැබුනා, එක වෙනස් තේමාවක් සහිතව නිර්මාණ කරපු සිනමාපටයක්,’

නිනෝගේ උපන් ගම මාතලේ, ඔබ මාතලේ ඉඳන් කොළඹ ආවේ නළුවෙක් වෙන්නද..? ”මගේ ගම මාතලේ, මම කලාවට ආවේ අහම්බෙන් නම් නෙවෙයි, මම නළුවෙක් වුනේ මගේම කැමැත්තෙන්මයි, මම කලාවට පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ආදරේ කළා, මම ඉගන ගත්තේ මාතලේ ශාන්ත තෝමස් විදුහලෙන්, පාසල් කාලයෙන් පස්සේ මට ඕන වුනේ නිරූපණ ශිල්පියෙක් වෙන්න, ඉතින් මම ඒ සම්බන්දව ඉගන ගත්තා, මගේ නෑදා වෙන කෙනෙක් කොලොන්නාවේ හිටියා, ඇය ශීලා, ඒ ඇන්ටි මාව හීතා කාන්ති ජයකොඩි මහත්මියට හඳුන්වා දුන්නා, ඊටපස්සේ මට මහේන්ද්‍ර පෙරේරා මහතාගේ නාට්‍ය ඇකඩමියට සම්බන්ධ වුණා.

නිනෝ හැමදේම අත් හැරලා ගමේ ගිහින් හිටපු කාලයකුත් තිබ්බා නේද..? ”ඔව් මම 2017 වසරේදී හැම දෙයක්ම අත්හැරලා ගමේ ගියා, ගිහින් මම අක්කගේ ළමයි එක්ක වැඩි කාලයක් ගතකලා, ඊටපස්සේ මට දැනුනා මම රැකියාවක් කරන්න ඕන කියලා, හැබැයි මම කලින් කිසිම රැකියාවක් කලේ නෑ, ඒ නිසා මම රටගියා, හැබැයි එහෙම ගිහින් වැඩි කාලයක් ඉන්න බැරි වුනා, ඒ නිසා මම මාස දෙකකින් ආයේ ලංකාවට ආවා, මට නිර්මාණ ලැබුනේ කාලෙන් කාලෙට ඉතින් මම මහනුවර මහවැලි මහවැලි රිච් හෝටලයේ පුහුණුවන වේටර්වරයෙක් විදිහට වැඩ කළා. ඒ කාලය මම හරිම සතුටින් ගතකලේ, එහෙම වැඩ කරද්දී මට දැනුනා මම මේ විනාස කරන්නේ කලාව වෙනුවෙන් යොදවන්න තිබ්බ කාලය නේද කියලා ඊටපස්සේ මම ඒ රැකියාවෙන් අයින් වෙලා ආයෙමත් කලාව පැත්තට යොමු වුනා,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *