මගේ ඇඟ පේන ඇඳුම් අඳින තියෙන චරිත මම බාරගන්නේ නෑ – හිරුෂි වසුන්දරා

ළමා වැඩසටහන් නිවේදිකාවක විදියට කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වුන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියන්නේ, ඉතින් අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ හිරුෂි සමග, ඉතින් හිරුෂි මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල අලුත් නිර්මාණයට සම්බන්ද වෙලා එකේ වැඩ ටිකක් කරගෙන යනවා, ඒක ළඟදීම විකාශනය වෙන්න පටන් ගනීවි ඒ වගේම කලාවට සම්බන්ද තව පොඩි පොඩි වැඩ ටිකක් කළා, ඒවා තමයි ඉතින් විශේෂ වැඩ”

හිරුෂි කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ..? මම කළා ලෝකයට සම්බන්ද වෙන්නේ 2007 වසරේදී, ඒ ළමා නිවේදිකාවක විදියට, මම එන්නේ සිරස නාලිකාවෙන්, සිරස නාලිකාවේ විකාශනය වුන පුංචි පංචි වැඩසටහන හරහා, ඊටපස්සේ මම නිවේදිකාවක් විදියට අවුරුදු හතරක් හිටියා, පස්සේ මට මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න සිදුවෙනවා, ඉතින් ඒ නිසා මම නිවේදන කටයුතු නතර කළා, උසස්පෙළ කරන්න කලින් මම සිරස එෆ් එම් නාලිකාවේ නිවේදිකාවක විදියට කටයුතු කළා, උසස්පෙළින් පස්සේ කැම්පස් නිසා ඒ දේවල් වලට සම්බන්ද වෙන්න බැරි වුනා, ඊටපස්සේ මට කලාව අමතක වෙලා තිබ්බේ, ඉතින් මම ආයේ කලාවට ආවේ අහම්බෙන් ඒ 2018 වසරේදී, ඒ දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයේ දෙවෙනි ස්ථානය දිනාගෙන”

සිනමාටව එහෙම ආරාධනා එන්නේ නැද්ද..? රංගන ශිල්පිනියකට සිනමා ආගමනය කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි, හැබැයි ලැබෙන හැම නිර්මාණයක්ම බාර අරගෙන දැන් මම සිනමා නිලියක් කියලා කියන්න ඕන කියන තැන මම නැහැ මොකද ටෙලිනාට්‍ය රඟපානවට වඩා සිනමාරඟන හාත්පසින්ම වෙනක්, ඒ නිසා මම තාම සිනමාට සම්බන්ද වෙලා නැහැ, ඒ වගේම මට දැනෙන චරිතයකට ආරාධනා ලැබිල නෑ, මට වැඩියෙන්ම ආරාධනා එන්නේ මලයාලම් සිනමාවට, සිංහල සිනමා නිර්මාණ දෙකකට වගේ තමයි ආරාධනා ලබුනේ,

හිරුෂි දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් ඉතින් කියන්න අපිට මොනවද ඔයා රංගනයේදී ඔබටම දාගෙන තියෙන සීමා ”මම මටම කියලා සීමා ටිකක් දාගෙන ඉන්නේ නැත්නම් මේ වගේ ක්‍ෂේත්‍රයට තරුණියකට ඉන්න ටිකක් අමාරුයි, මම සාමාන්‍යයෙන් අනවශ්‍ය විදියට මගේ ඇඟ පේන ඇඳුම් අඳින්නේ නෑ, ඒ වගේම අනවශ්‍ය වචන තියෙන දෙබස් කියන්නේ නෑ, ඒ වගේම මම මට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන චරිත බාරගන්නේ නෑ,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *