පේ කළා ලෝකයට අලුතෙන් එකතු වුන රංගන ශිල්පිනියන් අතරින් වැඩිම තරුණ ආකර්ෂණයක් දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ඩිලූශි හංසිකා කියන්නේ. ඉතින් අපි හිතුවා නවක රංගන ශිල්පිනියක වෙන ඩිලූශි එක්ක ටිකක් කතා කරන්න, කළා ශිල්පිනියක් විදියට ඩිලූශි දැන් ගොඩක් ජනප්‍රියයි, ඉතින් රංගන ශිල්පිනියක් වීම ඔබගේ හීනයක් සැබෑ වීමක්ද..? ඇත්තටම නැහැ, හැබැයි මම පොඩි කාලේ ඉඳලම කළා අංශයට ගොඩක් දක්ෂතා දක්වපු කෙනෙක්, මම පාසල් ගියේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට පාසල් කාලයේ මම විෂය බාහිර වැඩ ගොඩක් කළා, ඒ වගේම මම දහම් පාසලේ කථික තරංග ගොඩකට සම්බන්ද වෙලා තියෙනවා, ඒවාගෙන් මට සමස්ත ලංකා සම්මාන පවා හිමිවෙලා තියෙනවා, මට පොඩි කාලේ ඉඳලම කලාවට සම්බන්දයක් තිබ්බා”
ඩිලූශිට මේ ක්‍ෂේත්‍රයට එන්න අවස්තාවක් ලැබෙන්නේ කොහොමද..? ‘මම 2021 වසරේදී දෙරණ අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත්වුනා, ඒ තරඟයෙන් මම තෙවන ස්ථානය දිනාගත්තා, ඊටපස්සේ තමයි මගේ තිබ්බ කළා කුසලතාවය එක්ක රංගනයට පිවිසෙන්න දොරගුළු විවර වෙන්නේ, මගේ මුල්ම රංගන අත්දැකීම තමයි ධරණී නාට්‍ය, ඒ නාට්‍ය නිසා තමයි ගොඩක් අය මාව හඳුනාගත්තේ, ඊටපස්සේ මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ආවා,”
කළා ක්‍ෂේත්‍රයට ඇවිත් ඔබ අද ඉන්නා තැන ගැන මොකද හිතෙන්නේ ”ඇත්තම කියනවනම් අද මම ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි, මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ දැක්කම ඒ සතුට තවත් වැඩිවෙනවා, මම කොහේ ගියත් මාව හඳුනන දෙතුන්දෙනෙක් හරි ඇවිත් මගෙත් එක්ක කතා කරනවා, ඇත්තටම හරිම සතුටුයි එහෙම වෙද්දී ඉතින් එහෙම දේවල් ලැබිලා තියෙන්නේ මගේ වාසනාවට, මම කවදා හරි වයසට ගියාම මගේ මේ අත්දැකීම් ගැන මතක් කර කර සතුටු වෙන්න පුළුවන් වෙයි, මගේ ජීවිතේ ගැන මගේ දරුන්වන්ට කියන්න ලස්සන කතාවක් තියේවි, ඉතින් මම මේ ආව ගමන ගැන ගොඩක් ආඩම්බර වෙනවා”