මගේ එකම හීනේ නංගිලා දෙන්නා මට වඩා ඉහල තැනක සතුටින් ඉන්න එක – ලෝචි

ලාංකේය යූටියුබ් සංස්කෘතිය තුල ඉන්න රැජින විදියට හඳුන්වන්න පුළුවන් තාරකාවක් තමයි ලෝචනා හංසමාලි ජයකොඩි කියන්නේ, කොහොම වුනත් හැමෝම ඇය හඳුන්වන්නේ ලෝචි කියන ආදර නාමයෙන්, ටික් ටොක් හරහා සමාජ ජාලාවලින් ජනප්‍රියවුන ලොචි මේ වනවිට යුටියුබ් හරහා ලංකාව හොල්ලනවා කියනවනම් නිවැරදියි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ලොචි සමග,

අපි දකිනවා ලොචි ඔයා ගොඩක් ලස්සන විලාසිතා කරනවා ඔයා විලාසිතාවලට ගොඩක් ආස කෙනෙක්ද..? ”ඇත්තම කියනවනම් අම්මෝ ඔවු, මම අලුතෙන් ඇඳුමක් ගත්තොත් ඒක ඇඳගෙන එලියට යනකන් මට නින්ද යන්නේ නෑ, මම හරිම ආසයි අලුත් විලාසිතා කරන්න, මම ස්වාධින කෙනක්, ඉතින් මට ගැලපෙන දේවල් මමම තෝරාගෙන කරනවා,

ඔබ රංගනයට පිවිසෙන්නේ ටික් ටොක් හරහා, සමහර අයට ටික් ටෝක් කරන අයට බනිනවා ඉතින් කොහොමද ඒවාට මුහුණ දුන්නේ, ”මෙහෙමයි දැන් ගොඩක් මිනිස්සු ශෝෂල් මීඩියාවලට බනින්නේ නෑ, මිනිස්සු ඒවා තේරුම් අරගෙන තියෙන්නේ, මමනම් දකින විදියට ටික් ටොක් කරන එකේ කිසිම වැරද්දක් නෑ, ටික් ටොක් නිසා දැන් කීදෙනෙක් සල්ලි හොයනවද..? ලෝකේ කීදෙනෙක් මිලියනපතියෝ වෙලා තියෙනවද, ගොඩක් අය මම කතා කරන විදියට බනිනවා, මම අඳින විදියට බනිනවා, දැන් බලන්න මට බනින අය ඉන්න තැන සහ මම ඉන්න තැන, ඕනෑම දෙයක් අපිට ප්‍රයෝජනවත් දෙයක් විදියට හරවාගන්න අපි දැනගන්න ඕන,

ඇත්තටම ලොචි කියන්නේ මොනවගේ කෙනෙක්ද ”ඇත්තටම මම හරිම සරල ගති පැවතුම් තියෙන කෙනෙක්, මම මගේ නංගිලා දෙන්නා බලාගෙන සරලව ජීවත් වෙන කෙල්ලෙක්, ඒ වගේම නිදහසේ ජීවත් වෙන්න ආස කෙල්ලෙක්, මම සතුන්ට ගොඩක් ආදරෙයි, විශේෂම කාරණය මම බෞද්ධ කෙනෙක් විදියට ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක්, ඒ වගේම හැම ආගමකටම ගරු කරන කෙනෙක්,

මම කොච්චර බිසී උනත් මගේ පුද්ගලික ජීවිතයට ඒවා අදාළ කරගන්නේ නෑ, නංගිලා දෙන්න වෙනුවෙන් මම මගේ උපරිමය කරනවා මගේ එකම හීනය නංගිලා දෙන්නා මට වඩා ඉහල තැනකට එන එක, මම දැක්කා අපේ අම්මා පොඩි කලේ ඉඳන් හැමදේම බැලන්ස් කරපු විදිය එයාගේ ශක්තිය මට ඒ විදියටම තියෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *