මේනකයි මමයි එකට ඉන්න වෙලාවට මට දැනෙන්නේ අලියයි කුඹියයි වගේ – නෙහාරා

පුංචි තිරය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ, මුතු කිරිල්ලි ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත නෙහාරා එදාට වඩා අද ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වෙලා ඉතියෙනවා, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔබත් මමත් එදා ඉඳන් අද වෙනකන්ම එකවගේ නොවෙනස්ව ආදරේ කරන නෙහාරා පීරිස් සමග,

නෙහාරා මොකද මේ දවස්වල වැඩිය පෙන්න නැත්තේ ”මේ දවස්වල පොඩ්ඩක් නිහඬව ඉන්න ඕන කියලා මම තීරණය කළා, හැබැයි ඒක ගොඩක් සුන්දරයි, මම දැන් ආයෙමත් අම්මා කෙනෙක් වෙන්න නේ යන්නේ ඉතින් මම හිතුවා ගෙදරටම වෙලා ඉන්න, ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන එක මට ගොඩක් ලොකු සතුටක්, පුංචි දුවගේ හුරතලේ එක්ක තවත් බබෙක් එද්දී කියාගන්න බැරි තරම් සතුටුයි, එතකොට දුවට තනියකුත් නෑ නේ,”

මේනක කොහොමද ඔයාට උදවු වෙන්නේ ”මෙහෙමයි එයා ගෙදර ඉන්නේ ගොඩක්ම අඩුවෙන් මොකද රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂක කෙනෙක් විදියට එයා වැඩ ගොඩක් කරන නිසා නිතරම කාර්ය බහුල ජීවිතයක් තමයි එයා ගතකරන්නේ, මේ දවස්ටිකේ මම වැඩ නැති නිසා මගේ ඩාන්සින් ඇකඩමි එකේ වැඩ බලනෙත් මේනක, එයා කොච්චර බිසී උනත් මම ගැන වගේම අපේ ගෙදර ගැන ගොඩක් හොයාලා බලනවා, පුළුවන් හැම වෙලාවේම මගේ වැඩ වලට සහය ලබාදෙනවා, ඩොක්ටර් ලඟට යන දවසට එයා මොනවැඩේ තිබ්බත් ගෙදර ඉන්නවා, මේනක ලැබිලා තියෙන්නේ මගේ වාසනාවට”

මේනකව ඔයාට මුණගැහෙන්නේ කොහොමද ”මේනක මට මුණගැහෙන්නේ මුතු කිරිල්ලී නාට්‍යයේ රඟපාන කාලෙදීමයි, ඉතින් ඊට පස්සේ අපි දෙන්නා හොඳම යාළුවො ඊටපස්සේ අපි දෙන්නා ආයෙමත් අමන්දා ටෙලිනාට්‍යයෙන් හමු වුනා, එතකොට තමයි ආදරේ කරන්න පටන් ගත්තේ, මේනකයි මමයි එකට ඉන්න වෙලාවට මට දැනෙන්නේ අලියයි කුඹියයි වගේ, හැබැයි අපේ ආදරේට ඒවා අදාළ නෑ, එහෙම කාලයක් ආදරේ කරලා අපි 2014 වසරේදී විවාහ වුනා”

පලවෙනි බබා ලැබුනම නෙහාරා ගොඩක් මහත් වුනා නේද..? ”ඔව් මම පලවෙනි බබා ලැබෙන්න ඉන්න කාලේ කාවේ පෝෂධායී කෑම විතරයි, ඉතින් මම ඒ කාලේ ගොඩක් මහත් වුනා, මගේ සාමාන්යෙන් බර කිලෝ 48යි මම බබා ලැබෙන්න ඉන්න කාලේ කිලෝ 78ක් දක්වා බර වැඩි වුනා, බබා ලැබුනට පස්සේ මම ආයෙමත් කෙට්ටු වුනා, දැන් ආයෙත් බබෙක් ලැබෙන්න ඉන්න නිසා මම ආයෙමත් මහත්වෙන්න පටන් අරගෙන, බබා ලැබිලා කිරි එහෙම දීලා ඉවර වුනාම ආයෙමත් මම හිටපු තත්වයටම කෙට්ටු වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *