මම බුරිය විදලා කරාබුවක් දැම්මා, මල් වැලක් අතේ ගැහුවා – ඉෂානි විජේතුංග

ටීවී දෙරණ කියන්නේ කාලෙන් කාලෙට අලුත් අලුත් මුහුණු කළා ලෝකයට හඳුන්වාගෙන නාලිකාවක් ඉතින් දෙරණ නාලිකාවේ විකාෂනයවන දෙවෙනි ඉනිම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ඉෂානි විජේතුංග දෙවෙනි ඉනිම නාට්‍යයේ අරුණිගේ චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඉශානි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ

ඉශානි කියන්නේ ගොඩක් ලස්සනට විලාසිතා කරන කෙනෙක් ඉතින් ඔබ විලාසිතා ගැන මොකද හිතන්නේ ”මෙහෙමයි අපි හැමෝම තරුණ කාලේ විලාසිතා කරලා හැඩට ඉන්න ඕන කියලයි මම හිතන්නේ, අලුත් අලුත් විලාසිතා කරන්න මම ගොඩක් කැමතියි, ඉතින් මම මගේ බුරිය විදලා කරාබුවකුත් දැම්මා, ඒක ලෝකේ තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින විලාසිතාවක්, ඒ වගේම මම මගේ උරහිසේ මල් වැලක ටැටූ එකක් කරලා තියෙනවා, ඉස්සර මිනිස්සු ටැටූ ගැන බලපු කෝණයෙන් නෙවෙයි දැන් අය ටැටූ ගැන බලන්නේ, ඉතින් මම ඒ වගේ විලාසිතාවලට ගොඩක් ආසයි, මම මට හිතුනම කොන්ඩේ පාට කරනවා, අවස්ථාවට ගැලපෙන විදියට මම ඇඳුම් අඳිනවා,

මම මේ කිසිම දෙයක් කිසිම විලාසිතාවක් කරන්නේ මගේ සරාගීකම පෙන්වන්න නෙවෙයී, මම හිතන්නේ නැහැ මම සරාගී ගැහැණු ළමයෙක් කියලා, මම උත්සහ කරන්නේ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න විතරයි, සමහර අය ගැහැණු ළමයෙක් ලස්සනට ඇඳලා පැළඳලා ඉද්දී ජීවිතේ වින්දිදී එයා අනාචාරයේ හැසිරෙන කෙල්ලෙක් කියලා හංවඩු ගහනවා, හැබයි මම දන්නවා මම කවුද කියලා, මගේ අම්මා දන්නවා මම ගැන, මට ඒ ඇති,

මම මොන විදියේ විලාසිතාවක් කලත් මම ඒ දේවල් කරන්නේ අම්මගෙන් අහලා, අම්මගේ අවසරමත අම්මා එපා කියන දේවල් මම කරන්නේ නෑ, ඉතින් ඒ නිසා මම කරන විලාසිතා ගැන පිට මිනිස්සු මොනවා කිවුවත් මම ගණන් ගන්නේ නෑ, අලුත් දෙයක් කරන්න ගොඩක් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන, එහෙම නැතුව වෙනස්වෙන්න බෑ, මට එහෙම ආත්ම විශ්වාසයක් තියෙනවා, මට ඇත්තටම සතුටුයි මම ගැන,

අද ඉන්න තරුණ පරම්පරාව ටැටූ සහ පියසින් වැරදි දෙයක් විදියට දකින්නේ නෑ, අපේ තරුණයන් හැම දෙයක් ගැනම ඉගනගෙන ලෝකේ ඉස්සරහට යන අය,මගේ විලාසිතාවන් ගැන වැරදි කියන්නේ මගෙත් එක්ක ඉරිසියා අය, දෙවෙනි ඉනිම නාට්‍යට සම්බන්ද වුන දවසේ ඉඳලා මගේ ජනප්‍රියත්වය දවසින් දවස වැඩි වුනා, ඒ ජනප්‍රියත්වය පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ, එහෙම වෙන්න මගේ විලාසිතාත් ගොඩක් බලපෑවා, ඉතින් දැන් මගේ ගමන නවත්වන්න කාටවත්ම බෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *