පියුමි හංසමාලි කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ලස්ස සුන්දර තරුණියක්, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය සමගයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ, පියුමි කියන්නේ ඇත්තටම කොයි වගේ කෙනෙක්ද..? ”පියුමි කියන්නේ කෙලින් කතා කරන චරිතයක්, ඒ වගේම සරල චරිතයක් මම මට ආස දේවල් කරනවා, මම ජීවිතේ විඳිනවා, හැබැයි මම මවකගේ වගකීම අකුරටම ඉටු කරනවා, මම ඒ දේවල් කවදාවත් අතපසු කරන්නේ නෑ, මම ඒ වගකීම් සේරම දරාගෙන මගේ විනෝදයත් ගන්නවා ඒ තමයි පියුමි හංසමාලි”
ෆේස්බුක් සමාජ ජාලාවල ඕන නිතර නිතර පෙනී ඉන්නවා, ඒ ගැන එක එක අය විවිද කතා කියනවා, ”ඔව් මට සමහර අය නම් එක එක කතා කියනවා, හැබැයි ඉතින් ගොඩක්ම ඉන්නේ මගෙත් එක්ක මිත්‍ර අය, ඒ අය මගේ වැඩ වලට ගොඩක් හෙල්ප් කරනවා, මම පහුගිය දවසක පින් වැඩ ගොඩක් කළා ඒ සමහර වැඩ වලට මගේ සමාජ ජාලාවල ඉන්න ගොඩක් අය මට උදවු කළා, බනින කිහිප දෙනෙක් ඉන්නවා හැබැයි ඉතින් මටනම් ඒවා සාමාන්‍ය දේවල්, මොකද මම මීට කලින් ඔයිට වඩා කතා අහලා තියෙනවා”
පියුමි දැන් රඟපාන්නේ නැත්තේ ඇයි, ”මම මේ ක්‍ෂේත්‍රයට ආවේ මොඩ්ලින් කෙනෙක් විදියට, එදා ඉඳන්ම මම කියන දෙයක් තමයි මට රඟපාන බැහැ කියන එක, අනික මම දොඩම් ගෙඩි ගොඩ බදාගත්තා වගේ වැඩ කරන කෙනෙක් නෙවෙයි, මම කැමති හැම දෙයක්ම බැලන්ස් එකේ කරගෙන යන්න, මම කරන චරිත වුනත් තෝරාගත්තේ හරිම පරිස්සමින්, කොහොම වුනත් මේ වනවිට මම මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා ඉතින් ඒ නිසා මම දැන් රඟපාන්නේ නෑ”
ඉතින් මෙහෙම ආදරේ දිනාගෙන ඉන්න පියුමි හරි අපූරු සටහනක් තියලා තිබ්බා ඒ තමයි ”Congratulations my son 1st accident පවු රැ පාරෙ බලු පැටව්න්ට කැම දාන්න යද්දි වැස්සෙ තව ලොකු බව්වෙක් පැනලා එයාව බෙරගන්න බයික් එක හරවලා යාලුවයි එයයි දෙනන්ම ඇලෙ, ගෙදර ඇවිල්ලා මට කියනවා මාමා උට කෙන්ති ඇති ලු උට කැම නොදා අනිත් බලු පැටව්න්ට අරං යන නිසා හිටහංකො මම කරන්නම් හොද වැඩක් කියලා පනින්න ඇතු ලු බයික් එකට,” කියලා, කොහොම වුනත් අපි හැමෝම ආදරේ කරන පියුමි හන්සමාලිගේ පුංචි පුතාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා.