සැමියාගෙන් කිසිම උදවුවක් නෑ, මම සේරම කැපකිරීම් කරන්නේ දරුවා හදාගන්න – වත්සලා ඇත්ත හෙළිකරයි

මේ දවස්වල වැඩිය පෙන්න හිටියේ නැතත් තාමත් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ, විවාහයෙන් පස්සේ වත්සලා නිතර නිතර දකින්න හිටියේ නෑ, ඉතින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන වත්සලා දියලගොඩ සමග, වත්සලා කාලයක් ලංකාවේ ජනප්‍රියම චරිතයක් ඉතින් දැන් නිර්මාණවලට සම්බන්ද වෙන්න ලැබෙන්නේ නැති එක ගැන දුකක් නැද්ද..? ”මෙහෙමයි මම රංගනයට සමුදීලා නෑ, හැබැයි මම කාලෙකින් නිර්මාණයක් බාරගත්තේ නෑ, ඇත්තම කියනවනම් ගොඩක් දුකයි,

ඉන්න පුළුවන් කමකට ඉන්නවා නෙවෙයි, මොකද අපි ගොඩක් සමාජය ආශ්‍රය කරපු මිනිස්සු, සමාජය එක්ක ගැටුන අපිට මේ ජීවිතේ හරිම අමාරුයි, රංගනය කියන්නේ ජීවිතය වගේම දෙයක්, අපිට කිසිම වෙලාවක රංගනය අත්හරින්න බෑ, හැබැයි දරුවා කියන්නේ ඊටවඩා ලොකු දෙයක්, ඉතින් දරුවට අංක එක දීල අමාරුවෙන් කොහොම හරි අල්ලාගෙන ඉන්නවා, දරුවා ටිකක් ලොකු වුනාම මම ආයේ රංගනයට සම්බන්ද වෙනවා”

මෑත කාලයේ බිහිවෙන අලුත් නිර්මාණ ගැන මොකද හිතෙන්නේ ”ඇත්තම කියනවනම් දැන් නිර්මාණ දකිද්දී දුක හිතෙනවා මොකද අද කාලේ නිර්මාණ දැක්කම හිතෙනවා අනේ අපේ කාලයේ කරපු නිර්මාණ කොච්චර හොඳයිද කියලා, අපි කරපු ඒවා ගොඩක් සුන්දරයි, අපි කරපු ටෙලි නාට්‍ය විතරක් නෙවෙයි අපේ දර්ශන තලයේ සිදුවීම් පවා හරිම සුන්දරයි, ඉස්සර ශුටින් ගියාම ආයේ ගෙදර එන්න හිතෙන්නේ නෑ, මොකද අපේ කණ්ඩායම තුල ඒ තරම්ම බැඳීමක් තිබ්බා, අද ඒ සුන්දරත්වය නෑ, මම නිර්මාණ බාරගන්නේ නැතිවෙන්නත් හේතුවක් තමයි ඒක”

සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද..? ඇත්තම කියන්නම්කෝ සැමියාගෙන් කිසිම උදවුවක් ලැබෙන්නේ නෑ රංගනයට, හැබැයි ගෙදර වැඩවලට එයා මට ගොඩක් උදවු කරනවා, මේක කොහොමත් රංගන ශිල්පිනියන්ට හොඳ කාලයක් නෙවෙයි, කොහොම වුනත් මගේ සැමියා මටයි මගේ දරුවටයි කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව ආදරේ බලාගන්නවා, හැබැයි එයා මගේ රංගන වැඩ වලට කිසිම උදවුවක් කරන්නේ නෑ,”

ඒ කියන්නේ සැමියා කැමති නෑ ඔයා රඟපානවට..? ”එයා සියයට සියයක්ම කැමති නෑ මම රඟපානවට, හැබැයි එයා මම රඟපානවට මොකවත් කියන්නේ නෑ, මම දන්නා එකම දේ රඟපාන්නේ නැතුව මට ජීවත් වෙන්න අමාරුයි, මට රඟපාන්න ඕන, මේ හුදෙකලාබව එක්ක මට ඒක තදින්ම දැනෙනවා, කොහොම වුනත් මම මගේ ජීවිතයයි රංගන ජීවිතයයි බැලන්ස් කරන්න ලොකු උත්සහයක් ගන්නවා,”

වත්සලා ඔයාගේ දියණියත් කලාවට සම්බන්ද වෙයිද..? ”මෙහෙමයි මගේ ලොකු කැමැත්තක් නෑ ඒකට, මම කැමති මගේ දරුවා ස්ට්‍රෝන් කෙනෙක් වෙනවට, ඒ වගේම එයා හොඳ වෘත්තියක් කරනවානම්, මම කරන මේ වෘත්තීය වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ, හැබැයි අපි වැඩකට යන්න කලින් සෙයක් දේවල් හිතන්න ඕන, මෙතන සමාජය හිතන අවුලකුත් තියෙනවා, මම කැමති නෑ මගේ දරුවා ඒ වගේ කතා අහනවට, මම සියයට සියයක්ම හොඳ අම්මා කෙනෙක්, ඒක එයා ලොකුවෙලා කියාවි, මම හැම කපකිරීමක්ම කරලා තියෙන්නේ මගේ දරුවා වෙනුවෙන්,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *